IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් දිනක වියදම ලක්ෂ 35 ක්

( නිමල කොඩිතුවක්කු)


හිටපු ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතාට  ප්‍රමාණවත් ආක්ෂාවක් ලබා දී ඇති බවත් ඒ වෙනුවෙන්  දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය වන බවත් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති   නලින් බණ්ඩාර මහතා පැවසීය.


සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ආරක්ෂාව  වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 70 ක් යොදවා සිටින අතර  පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් 42 ක් හා යුද හමුදා නිලධරීන් 28 ක් ඒ අතර සිටින බවද හෙතෙම සඳහන් කළේය.


හිටපු යුද හමුදාපති වත්මන්  වනජීවි තිරසර සංවර්ධන අමාත්‍යවරයා වන  සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ 20 දෙනකුගෙන් සමන්විත ආරක්ෂක අංශයක් බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර ඇති බවට සඳහන් කර තිබුණුද මේ වන තුරු එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (33)

ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් දිනක වියදම ලක්ෂ 35 ක්

සෙනෙවි Friday, 28 September 2018 11:02 AM

ඔය කියන්නේ ආරක්ෂක රාජකාරි කරන සෙබලන්ගේ වැටුප්වලට යන වියදමනේ... ඒක ඔවුන් කොහේ හිටියත් ගෙවන්න එපායැ...

:       619       808

Raveendra Friday, 28 September 2018 11:18 AM

අප මෙම මහජන නියෝජිතයාගෙන් විමසන්නේ මෙයාගේ ආරක්ෂාවට දුප්පත් අපගේ බදුමුදල් වලින් දවසකට ලක්ෂ කීයක් වියදම් වෙනවාද යන්නයි. ඉන්න ආරක්ෂක නිලධාරීන්ගේ ගණනත්, මහජන බදුමුදල් වියදම් කරමින් වටකරගෙන යන වාහන ප්‍රමාණයත් ගැන ඒ සියලුම වියදම් බදුමුදල් ගෙවන පුරවැසියන් වන අප දැනගැනීමට කැමැත්තෙමු. අරයට මෙච්චර ඉන්නවා මෙයාට අච්චර ඉන්නවා කියා අඳෝනා කියව කියවා ඉන්නේ නැතිව...

:       757       824

chathuri Friday, 28 September 2018 11:32 AM

රටේ යුද්ධය තියෙනවිට හිටියේ ඇමරිකාවේ... තමන්ගේ ආරක්ෂාවට ඉතින් දැනුත් යන්න. එහෙම නැතිනම් දූෂණ නඩු ඉක්මන්කර හිරගෙදරට යවන්න. එතන ආරක්ෂාව ඔය කියන තරම් මුදලක් යන්නේ නැහැ. රටේ සේරම මුදල් විනාශ කරලා පැරදිලා ගිහින් දැන් රාජපක්ෂ පවුලට අාරක්ෂාවට නිල නිවාස... මේවට කොයිතරම් මුදලක් යටකරනවද? මහින්දට කොයිතරම් දුන්නත් මදි... දුප්පත් ජනතාව කන්න නැතිව, බෙහෙත් නැතිව දුක් විඳිනවා.

:       2401       2270

krishanthaFriday, 28 September 2018 01:21 PM

යුද්ධය තියෙද්දී මෙය ඇමෙරිකාවේ හිටියා නම්, යුද්ධය කලේ ඔයාගේ තාත්තද? මොලේ අමාරුව ඔච්චරටම තදද?

:       1031       1079

ranaviFriday, 28 September 2018 03:40 PM

ඇමරිකාවට ගිහින් ඉඳල අයිය ජනපති වුනාට පස්සෙ වීරයා. වෙඩි නොවදින කාර්වලින් පාරේ ඉන්න අයව එලෝලා සීයක විතර ආරක්ෂාවක් එක්ක ගිය සහ අදටත් යන අයද වීරයෝ...? සැබෑවීරයෝ මැරිච්ච, ආබාධිත, අතුරුදහන් අපේ අහිංසක පවුල්වල කොල්ලෝ.. උන් ගැන එක කවුරුවත් කතා නැහැ. යුද්ධය මුවාවෙන් ප්‍රකෝටිපතියන් වූ යුද්ධයෙන් අබමල් රේණුවක හානියක් නොවූ මිනිස්සුයි ලොකු...

:       707       1336

BamunuarachchiSaturday, 29 September 2018 12:44 AM

ඊයේ රාත්‍රී 8 ප්‍රවෘත්තිවලදී ෆොන්සේකාම කියනවා ආරක්ෂක ලේකම් යුද්ධයට බයේ පැනලා ගියේ නැහැ කියලා. යුද්ධය කාලේ ඇඳන් යට සිටි සොකඩයින් තමයි දැන් කියන්නේ ඝෝටාභය රටින් ගියා කියලා...

:       0       0

BamunuarachchiSaturday, 29 September 2018 12:45 AM

රණවී දන්නා මගුලක් කතාකරන්න හලෝ.

:       0       0

Bra Friday, 28 September 2018 12:52 PM

කොහොමද? ඔක්කොම එකතුව... සනීප ඇති නේද?

:       83       188

krishantha Friday, 28 September 2018 01:19 PM

ආරක්ෂාවට ඉන්න සංඛ්‍යාවන් හරියටම කියනවා. මෙහෙම හරක් එක්ක යුද්ධ කළානම් දිනන්නම තිබ්බා. ආරක්ෂාව පිළිබඳ තොරතුරු මෙහෙම කියකියා ඇවිදිනවද?

:       516       462

BUD Friday, 28 September 2018 01:43 PM

ඔයාගේ වියදම කීයද? එයට දෙවැනි නැතිව ඇති ...

:       239       151

sam Friday, 28 September 2018 03:01 PM

දිනකට රුපියල් ලක්ෂ 35 ක් වැය කරලා ආරක්ෂා කරන්න හේතුව මොකක්ද? මොකක්ද රටට වෙන සෙත? මේ සල්ලිවලින් දිනකට මැරෙන අහිංසක ලෙඩ්ඩු කීයක් බේරගන්න පුලුවන්ද.

:       0       0

thusitha Friday, 28 September 2018 03:01 PM

ඒ වගේ වටිනා මිනිහෙකුට කොච්චර වියදම් කලත් කමක් නැහැ මේ වගේ අයට වියදම් නොකර.

:       0       0

Chaminda Friday, 28 September 2018 03:08 PM

අර 225 රැලට කීයක් යනවද?

:       36       216

RaveendraSaturday, 29 September 2018 04:05 AM

ඔබ අදහස් කලේ දියවන්නා ඔයේ අර ඉන්න "අහිංසක ගව රැලට" යන වියහියදම් ගැන වෙන්න ඇති..

:       0       0

කුමර Friday, 28 September 2018 03:41 PM

ඔය හමුදා සෙබලුන් කිසිම රාජකාරියක් නොකර කඳවුරේ හිටියත් වැටුප් ගෙවනවා.. ඉතිං ඔය මුදලින් වැටුප් අඩු වුණාම අමතරව කීයක් යනවද කියන එකයි වටින්නේ...?

:       577       493

IndunilSaturday, 29 September 2018 05:17 AM

කුමාර වෙත, හමුදාවේ කිසි කෙනෙක් නිකන් ඉන්නේ නෑ. හමුදාවේ අය වැඩ කරන්නේ රටේ යුද්ධයක් තිබ්බම අද අපි මෙහෙම ඉන්නේ හරියට වැඩේ කළ නිසයි. මං හිතන්නේ ඔබ රැකියාවක් නොකර ගෙදර ඉන්න කෙනෙක් කියලා.

:       0       0

chathuri Friday, 28 September 2018 03:50 PM

ක්‍රිෂාන්ත නයට කහින එක නතර කරන්න.. මුදල් ඇමති ඔයවගේ අයගේ කොන්ද කෙලින් කරන්න යනවා. රට ගොඩ ගන්න නම් ඔයා පළවෙනියාට යන්න.

:       627       582

BamunuarachchiSaturday, 29 September 2018 12:35 AM

රට පාවලාදීලා එයා කොන්ද කඩාගෙන ඉන්නේ...

:       0       0

krishanthaSaturday, 29 September 2018 04:44 AM

චතුරි .. යුද්ධයට ගිය සොල්දාදුවෝ 2009 අවුරුද්දෙන් පස්සේ මැරුණේ නැහැ. අපි අපේ ළමයි ලඟට හවසට එනවා වගේ එයාලත් තමන්ගේ දරුවෝ ලඟට නිවාඩුවට එනවා. රටට ගොඩක්ම වටින්නේ රට වෙනුවෙන් ජීවිතේ පුජා කරන්න සූදානම් වුණු සොල්දාදුවන්. එයාලගේ ජීවිත වෙනුවෙන් යුතුකම ඉටුකරපු ගෝඨා වෙනුවෙන් මම කඩේ වුනත් යනවා. අර 225 ඇතුලේ නැහැ මේ වගේ කෙනෙක්... මම කහින්නේ නයට නෙමේ... රටට අත්පිට ලැබිච්ච දේ වෙනුවෙන්. ඔයත් ඔය රණවිත් කරන ප්‍රොජෙක්ට් එකේ ටාර්ගට් එකක් ඇති... නමුත් අපිට හැමදාම වටින්නේ අපේ සෙබලුත්.., අපේ රටත් තමයි. අපි දවස ගානේ defence.lk බලපු අය.... අපිට අතීතය මතකයි.

:       0       0

IrfanSaturday, 29 September 2018 05:53 AM

මුදල් ඇමති ඔයාගේ කොන්ද කෙලින් කරන්න යනවා කියලා නම් ආරංචි..

:       0       0

අනිල් Saturday, 29 September 2018 05:56 AM

ඔයා දවසට 1500 ට කහින එක නතර කරන්න.

:       0       36

Bamunuarachchi Saturday, 29 September 2018 12:27 AM

ඉතින් මොකක්ද ප්‍රශ්නය? බැංකු හොරු රැකගන්න කොපමණ වියදම් කරනවාද

:       0       0

Bamunuarachchi Saturday, 29 September 2018 12:33 AM

ඔයිට වඩා වියදම් කරලා රැකගන්න ඕනේ... මොකද ඉදිරියේදී එන නැගෙනහිර ත්‍රස්තවාදයත් නැති කරන්න මෙතුමාම ඕනෑවෙනවා. දැන් ඕස්ට්‍රේලියාවේ පුහුණුවෙනවාලු...

:       0       0

දිලුම් Saturday, 29 September 2018 03:11 AM

රවින්ද්‍ර මයාගේ අදහසට ස්තූති කරන අතර චතුරිගේ පිස්සුව හොඳටම තදවී ඇති බවද මතක් කරමි... අනික නලින් බණ්ඩාරට මතක් කරන්න කැමැතියි රටට කිසිත් නොකර රටේ සාරය උරාබී වැජඹෙන දියවන්නාවේ ඉන්න හරකුන්ට හා එළදෙනුන් හැම කෙනාටම අපේ සල්ලිවලින් පිනට පුන්නක්කු හා ආරක්ෂාව ලබාදීමටත්... මේ වගේම මුදලක් යන බව. ඒ නිසා ඉල්ලන් කන්නේ හා පිනට කහින්නේ නැතිව අපේ කටවල් අවුස්සා නොගෙන කාලකණ්ණි ටික කටවහගෙන ඉන්න.

:       0       0

රංජිත් Saturday, 29 September 2018 04:45 AM

ඔය කියන කෙනාගේ වියදමත් අපිට කියන්නකෝ.. අනික ගොඨාට ආරක්‍ෂාව දිය යුතුයි. ඔහු නිසයි අද අපි කවුරුත් නිදහසේ ඉන්නේ..

:       0       0

රන්ජිත් Saturday, 29 September 2018 04:54 AM

ගොඨාට ආරක්‍ෂාව දිය යුතුයි.. ඔහු නිසා තමයි අද අපි සැවොම නිදහසේ ජීවත් වන්නේ. අපිට කියන්නකො ඔබට යන වියදම කීයද කියලා...

:       0       0

manee Saturday, 29 September 2018 05:31 AM

එක එක්කෙනාගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ අාසනේට වැඩක් කළානම් ඉවරයි නේද?

:       0       0

OMG Saturday, 29 September 2018 06:35 AM

කෙටියෙන් කියන්න තියෙන්නේ "ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඕනාවට වැඩිය ඕනෑම නැහැ" කියලා. තමන්ගේ ජීවිත කාලය ඉවර නම් කොතරම් ආරක්ෂාවක් තිබ්බත් වැඩක් නැහැ. ගෙදර ඉන්න අය අනතුරු සිද්ධවෙලා මැරෙන්නේ... ඒ නිසා අකාලයේ මැරෙන එක වළක්වන්න, අනතුරු සිද්ධවෙන එක වලක්වන්න අවශ්‍ය ආරක්ෂාවක් තිබුණාම හොඳටම ඇති...

:       0       0

senarath Saturday, 29 September 2018 06:59 AM

අපි දැක්කා අැපල් මලු අරගෙන ලෙඩ වුණු කොටි නායකයින් බලන්න ගියපු ආරක්ෂක ලේකම්ලා. එ්ත් ගෝඨාභය කියන්නේ එහෙම කරපු කෙනෙක් නෙමෙයි. එ්ක නිසා තමයි කොටි ගෝඨාභය මරන්න කිහිපවරක්ම උත්සාහ කළේ. පිත්තල හන්දියේ බෝම්බෙන් බේරුනේ රටේ වාසනාවට. එහෙම නොවුණා නම් අපේ හමුදාවන්ම ඇනකොටා ගන්න ඉඩතිබුණා. අපේ හමුදාපති අද කරන කියන දේවලින් එක මනාව ඔප්පුවෙනවා. ගොඨාභය නොහිටින්න යුද්ධේ දිනන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතුමාට ආරක්ෂාව දෙන එක රටේ යුතුකමක්...

:       208       235

Shan Saturday, 29 September 2018 07:32 AM

මාසෙකට කෝටි 10ක්. රටෙන් පිටුවහල් කරලා දැම්මා නම් හරි. මොන කරුමයක්ද මේ? බලයේ ඉන්න කාලෙත් අපේ සල්ලි කෑවා, දැනුත් එහෙමයි...

:       54       2

අනිල් Saturday, 29 September 2018 01:01 PM

රටින් පිටුවහල් කරන්න ඕනේ ගුණමකු අදහස් තියන අයව...

:       0       0

BamunuarachchiSunday, 30 September 2018 11:01 AM

සල්ලි කෑවේ ප්‍රභාකරන්ගෙන් ඔහෙලව බේරාගෙන නේද? ඔහේගේ අම්මා, තාත්තා ගැන ඔහේ මොකද කියන්නේ? ඒ ගොල්ලෝ දිහා බලන්නෙත් ඔය ගුණමකුකමින්ද? මෙරටට හරියන්නේ නැත්තේ ගුණමකුගති තියන අය නිසා.

:       0       0

ajith Saturday, 29 September 2018 09:42 AM

ලක්ෂ තිස්පහ යන්නේ මාසෙට... ඒකවත් හරියට කියන්න දන්නේ නැහැ..

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 330 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 200 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 336 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 776 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1449 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 245 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site