IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

(ජනත් ද සිල්වා )
 
කතරගම කිරි වෙහෙර නාහිමි ඝාතනය කිරීමේ සැලසුම අනුව කළ  සියලූ පරික්ෂණ අනුව රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් හා රුධිර සාම්පල් සම්බන්ධ වාර්තා ලබා ගැනීම සදහා එම ආයතන වලට පසු විපරම් ලිපි යවන ලෙසත් සිද්ධියට සම්බන්ධ සියලූම සැකකරුවන් මාර්තු 13 වන දින දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් කාංචනමාලා ගුරණසේකර මහත්මිය 27වනදා  නියෝග කළාය .
 
මෙම නඩුව සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වරයා වෙත යවන ලද පරික්ෂන සම්බන්ධ සියලූ  වාර්තා කැදවන ලෙසත් එහි  උදෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරයි එහිද පොලිසියට වැඩිදුරටත් නියෝග කලාය
 
 
කිරිවෙහෙර නාහිමිට වෙඩි ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ ගිවි අවි වලින් පිට වු උණ්ඩ කොටස් වල සහ නාහිමියන්ගේ ශරිරයෙන් වහනය වු රුධිර සාම්පල වල  පරික්ණ වාර්තා සහ  සැකකරුවන්ගේ  දුරකථන විශ්ලේෂණ වාර්තා පරික්සණ කඩිනමින් අවසන් කර ඒවායේ උදෘත කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කතරගම පොලිසිය අධිකරණය හමුවේ පැවසීය
 
 
එසේ රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල්  ( 40 )  එකම පවුලේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන ජයවික‍්‍රම කංකානම්ගේ නුවන් කුමාර , ජයවික‍්‍රම කංකානම්ගේ ධනුෂ්ක , ( 24 )  මාරපතිරගේ කවිෂ්ක දිල්ශාන් , අශාන් අනුරාධ ,  හේවාවිතානගේ සුගත්  ( 40 ) යන සැකකරුවන් වේ.
 
මෙම සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට පත්ව සිටි 06වන විත්තිකාරිය වු දිපිකා දිල්හානි වීරරත්න යන අය ද හම්බන්තොට මහාධිකරණයේ ඇප ලබා ගෙන මෙදින අධිකරණය හමුවේ පෙනි සිටියාය
 
 
1996 අංක 22 දරණ ගිනිඅවි සංශෝධන පනතේ 44 ( අ ) සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ අපරාධ විධිවිධාන පනතේ 300 වන වගන්තිය යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොලිසිය ගොනුකර ඇති චෝදනා වේ.
 
පසුගිය 2018 ජුනි මස 12 වන දින රාත‍්‍රී 10 .40ට පමණ කිරිවෙහෙර නාහිමියන් ඇතුලූ තවත් හිමිවරුන් කිහිප නමක් කිරිවෙහෙර චෛත්‍යය වහන්සේ වන්දනා මාන කර ආපසු සංඝාවසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැගවි සිටි තුවක්කුකරුවන් එල්ල කර වෙඩි ප‍්‍රහාරයකදි කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු  පංචමහා විහාරයන්හි විහාරාධිපතිත්වය දරණ රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොඹවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කිරිවෙහෙර වාසි තවත් හිමි නමක් මෙම වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා එදිනම රෝහල් ගත කරන ලදි.



අදහස් (0)

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 480 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 112 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 76 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 689 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 735 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1262 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site