IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


‘කැබිනට් මණ්ඩලයේ ඉන්නේ තොත්ත බබාලා නෙමෙයි‘

(සිරංගිකා ලොකුකරවිට)

කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන දශක ගණනාවක් ඉදිරියට සිතා බලා බවත් එහි සිටින්නේ තොත්ත බබාලා නොවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(30) ගාල්ලේ දී පැවසීය.

“රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නේ එක එක පක්ෂවලට ඕන විදියට නෙවෙයි, රටේ ජනතාව ගැන සහ රටේ අනාගතය ගැන දශක ගණනාවක් ඉදිරියට හිතලා.  කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කරලායි මේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ. මම අද උදේ පත්තරේ දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු කියලා තියෙනවා කැබිනට් මණ්ඩලය දන්නෙත් නැතුව රටේ සමහර තීන්දු තීරණ ගන්නවා කියලා. කැබිනට් මණ්ඩලය හොඳට දැනුවත්, කැබිනට් එකේ ඉන්නේ තොත්ත බබාලා නෙවෙයි. මහජන ඡන්දයෙන් තේරී පත්වුණු ඇමතිවරුන්. ජනතාව තමයි ඔවුන් පත්කළේ රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න“

“කොග්ගල නිදහස් වෙළඳ කලාපය හදන්න යනකොට හබරාදුව ජනතාව විරුද්ධ වුණා, බෝර්ඩ් අල්ලගෙන හිටියා. දැන් හම්බන්තොට වරායට ආයෝජකයන් ගේන්න ගිවිසුම් අත්සන් කරනකොට තවත් පිරිසක් විරුද්ධ වෙනවා.  එයාලා පටු දේශපාලන වාසි ගැන විතරයි හිතන්නේ, අපි රජයක් විධියට මේ රටේ අනාගතය ගැන හිතනවා. හම්බන්තොට රැකියා දස දහස් ගණනක් බිහි කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. සුළුතරයකගේ විරුද්ධවීම් නොසලකා බහුතරයකගේ යහපත වෙනුවෙන් අපි වැඩ කරනවා“.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද (30) පැවති ගංවතුරෙන් විපතටපත් පවුල් 445කට රුපියල් ලක්ෂ36ක චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.



අදහස් (33)

‘කැබිනට් මණ්ඩලයේ ඉන්නේ තොත්ත බබාලා නෙමෙයි‘

raman Sunday, 30 July 2017 08:34 AM

ඡන්දයෙන් පැරදුනු අය ඉන්න, සහ විවිධ දූෂණ, චෝදනා ඇති කැබිනට් හෝ ඇමති මණ්ඩලයක් ගැන ඡන්ද දායකයන්ගේ විශ්වාසයක් නැත. අපද තොත්ත බබාලා නොවෙමු. කරුණාකර අපට අපහාස නොකරන්න.

:       89       281

abeysinghe Sunday, 30 July 2017 08:51 AM

අනේද කියන්නේ ඕවා...

:       2       105

asanka Sunday, 30 July 2017 09:09 AM

මහත්තයෝ තොත්ත බබාලා නෙමෙයි කියලා නම් දන්නවා. හැබැයි 8 වත් පාස් නැති අය රටේ ප්‍රතිපත්ති ගැන තීරණ ගන්න එකයි දුක. අවසානෙට ඒවගෙන් විඳවන්නේ අපි. අනික ඔතන වැඩි හරියක් ඉන්නේ එහෙයියෝ. වරදාන වරප්‍රසාද කොමිස් වලට දේශපාලන කරන අය. එහෙම අයගෙන් රටට හිතකර ප්‍රතිපත්ති කෙසේ වෙතත් ඒ අයට හිතකර ප්‍රතිපත්ති නම් සම්මත කරගනීවි. දේශපාලනයට වියදම් කරපු සල්ලි ටික හොයාගන්නත් ඕනෑනේ. හැබැයි, හැමදාම පරණ කතාන්දරය හරියන් නෑ. මිනිස්සු දැන් හිතන පතන විදිය දියුණුයි. තාක්ෂණය දියුණුයි. ඒ නිසා මිනිස්සු හැමදාම රවට්ටන්න බැරි වෙයි.

:       0       226

gajabaSunday, 30 July 2017 10:57 AM

ඒ වගේ කට්ටියක් ඔතනට යැව‍ුවේ කවුද? අපි යැව‍ුවේ අපි ඒකට කැමති නිසා. ඊලඟ සැරේ වත් හරි සෙට්‍ එකක් යවමු.

:       6       92

raveendraSunday, 30 July 2017 11:32 AM

නියම වචනය මහත්තයා ලෙස භාවිතා කිරීම පිළිබඳව ඉතා සතුටු වෙමි. ඒත් කිසිම විටක "මහත්මයා" යන වචනය මෙවැනි අයට භාවිතා නොකරන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

:       0       113

Dusara Sunday, 30 July 2017 09:56 AM

කපටි කෛරාටික හොර රජාලා වගේ තමයි සේරම ඉන්නේ...

:       0       51

Senarath Sunday, 30 July 2017 09:56 AM

අපි නම් හිතාගෙන හිටියේ තොත්ත බබාල ඉන්නවා කියලා. එහෙම නෙමෙයි නම්.. අයවැය වගේ ඉතාම වැදගත් කටයුත්තකදී ගන්න තීරණ කොහොමද උද්ඝෝෂණත් එක්ක වෙනස් වෙන්නේ? කැබිනට් ඇමති මාරුවෙන කොට කොහොමද ලොතරැයි මණ්ඩලය වෙනත් අමාත්‍යාංශයකට ගෙනියන්නේ? අපේ රටට විරුද්ධව ගෙනෙන චෝදනා වලට අත උස්සලා බාරගන්නේ කොහොමද? වැදගත් යෝජනා ගැන විවාද වෙනකොට කැන්ටිමේ තේ බිබී ඉන්නේ කොහොමද ? එහෙම නැතිනම් පුටුවේම නිදා ගන්නේ කොහොමද ? කැබිනට් ඇමතිලා තමන්ගේ ආසනය දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට තිබිලා පරදින්නේත් රට ගැන හිතා තීරණ ගන්න නිසාද ?

:       0       90

raveendraSunday, 30 July 2017 11:23 AM

ඔබගේ අදහස ඉතා නිවැරදියි. තොත්ත බබ්බු නොව බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පිරිසක් තමයි..

:       0       74

Mahee Sunday, 30 July 2017 10:00 AM

තොත්ත බබාලා නෙමෙයි? එහෙනම් කොමිෂන් සභාවලදී එළිවෙන දේ ගැන කට්ටිය ඔහොම ගාණක් නැතුව ඉන්නේ කොහොමද? හැබැයි තොත්ත බබාලට ලැජ්ජාව කියලා දෙයක් තියෙන නිසා ඒ අය මොකක්හරි ඇඳගෙන වත් ඉන්නවා.

:       0       59

Prase Sunday, 30 July 2017 10:12 AM

ඇත්තෙන්ම...!!! ඇයි ජයගන්නා කෙනා කැබිනට් ඇමැතිවරයෙක් නොවන්නේ?

:       0       42

ජයන්ත මිලානෝ Sunday, 30 July 2017 10:57 AM

හැබෑවටම හෘද සාක්ෂියක් නැති, හැරුණු හැරුණු පැත්තට කතා කරන මෙවැනි කපටි රැලක් පාර්ලිමේන්තුවට යැවූ අපටම ටොක්කක් ඇන ගත්තා නම් හොඳයි.

:       0       53

raveendra Sunday, 30 July 2017 11:18 AM

ඔව්, ඉන්නේ කට්ට කෛරාටික ටිකක් තමයි. තවත් පහසුවට කියනවා නම් මේ තොත්ත බබාලා... කකුල් හතරෙ කට්ටියක්...

:       0       20

raveendra Sunday, 30 July 2017 11:24 AM

ඔව් ඔව්, මූනෙනුත් පේනවා තොත්ත බබා නොව හොර බැල්මක් තියෙන බවනම්...

:       0       42

raveendra Sunday, 30 July 2017 11:26 AM

ඔව් ඔව්, බූරුවන්ට, කොටළුවන්ට තොත්ත බබාලා කියන්නේ නැත.

:       1       32

Reks Sunday, 30 July 2017 11:33 AM

කුඩු කන්ටේනර් ගණන් ගේනකොට අපිත් හිතුවෙ තොත්ත බබාලා කියලා. අනේ .... එන්නකො හරහට වඩාගෙන නලවන්න.

:       1       13

Lakvidu Sunday, 30 July 2017 11:34 AM

මම කියන්නේ නැහැ මොන බබාලද කියලා...

:       0       12

ruchira Sunday, 30 July 2017 11:37 AM

අපේ අහිංසක තරුණ, තරුණියන් පිට රැටියන්ගේ කර්මාන්ත ශාලාවල කම්කරුවන් කරවා රැකියා දුන්නැයි කියා පම්පෝරි නොගහ... ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, එංගලන්තේ ගොවියන් මෙන් අභිමානවත් හා ආඩම්බරයෙන් මම ගොවියෙක් කියලා කියන්න පුළුවන් වටපිටාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් හැදුවනම් කොහොමද කියලා... ඔය තොත්ත බබාලා නෙමෙයි කියන අයට නොතේරුණ එක තමයි වැරැද්ද...

:       0       20

ආනන්ද දොඩන්ගොඩ Sunday, 30 July 2017 12:43 PM

කැබිනට් මණ්ඩලයේ ඉන්නේ තොත්ත බබාලා නොවන බව ඔබ නිසා තේරුම් ගතිමි. එය නොදැන සිටි නිසා අපි ඔබලාට ඡන්දය දුන්නෙමු. අපි ඔබලාගෙ බොරු වලට රැවටි අපි තොත්ත බබාලා වුනෙමු. 5 වසරවත්, 8 වසරවත් සමත් නොවු ඔබලා පාර්ලිමේන්තු යැවිම නිසා අපි තොත්ත බබලා වුනෙමු. ඡන්දයෙන් පැරදුණු ජනතාව ප්‍රතික්ශේප කල අයද ඔබගේ කැබිනෙට්ටුවේ සිටිමෙන් අපි තොත්ත බබලා නොව මෝඩයන් වුනෙමු.

:       0       162

sarath Sunday, 30 July 2017 01:44 PM

ඔයාගේ අලුත් ගේ හදන්නේ කවුද ඇමතිතුමෝ..!!! ?

:       0       15

පිටිගල මිලානෝ Sunday, 30 July 2017 02:12 PM

ඕකේ ඉන්නේ බබාලා නෙවෙයිඔ. මොලය දියුණු නැති බබා උක්කුං ලා තමයි...

:       13       12

ONE SRILANKAN Sunday, 30 July 2017 03:19 PM

ඔබතුමා හිතා ගන්න රටේ ජනතාවත් තොත්ත බබාලා නෙවේ කියලා පේනවනේ... රවිලා කරලා තියන වැඩ. සතොස ඉවරම කළා. අපි දැනගත්තා රටේ හදවත මහා බැංකුවට මේ දෙය කරන බව. සයිටම් රෝහල ගත්තට රාජිතට විශ්වාස භංගයක් ගේන්න කියලා.

:       0       16

chithra Sunday, 30 July 2017 03:36 PM

මේ බබාලා මොනවත්ම දන්නේ නැහැ. හැබැයි හොරකමට, කොමිස් ගන්න වගේ එව්වට නම් විශේෂඥයෝ....

:       0       18

Saman Sunday, 30 July 2017 04:12 PM

අපෝ නැහැ ඕකෙ ඉන්නේ නොම්බර එකේ රැලක්

:       0       2

Sam Sunday, 30 July 2017 04:51 PM

දූරදර්ශී ප්‍රතිපත්තියක් තුලින් ; * අධ්‍යාපන ක්‍රමය වැඩි දියුණු කිරීම මගින් පාසලෙන් පිටවන සියලු දෙනාට වුර්තියමය නිපුණතාවයක් සහිතව පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසීමත්, * හැකියාවන්ට ගැලපෙන ලෙස රැකියා අවස්ථා හෝ ව්‍යවසායක අවස්ථාවන් ඇති කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමත්, * විදේශ ආයෝජන දිරි ගැන්වීමට පහසුවන පරිදි රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම කිරීමත්, * රටට ගැලපෙන විදේශ ආයෝජන හඳුනාගෙන ඊට ගැලපෙන ව්‍යාපෘති සැලසුම් කර ඒවා ඉලක්කගත ආයෝජකයන් වෙත යොමු කිරීමත්, එමගින් අපනයන වර්ධනය කිරීමත්, * නාස්තිය සහ අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කිරීමත්, * යටිතල පහසුකම් වල කාර්යක්ෂමතාවය ඉහල දැමීමට කටයුතු කිරීමත් සිදුවිය යුතුය. එවැනි ප්‍රතිපත්තියක් ගැන සිතීමටවත් නොහැකි මන්ධබුද්ධික කැබිනෙට් මණ්ඩලයක් රටේ වැදගත් සම්පත් ටික විකුණගෙන කන ප්‍රතිපත්ති වලට දූරදර්ශී ප්‍රතිපත්ති යයි කියන්නේ නම් ඔවුන් තොත්ත බබාලාම විය යුතුය. එවැනි මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන ඡන්ධදායකයන් මීහරකුන් ලෙස හැඳින්වීමත් වරදක් ලෙස නොපෙනේ.

:       0       4

Franky Sunday, 30 July 2017 07:07 PM

කැබිනෙට්ටුවේ ඉන්නේ තොත්ත බබාල නෙමේ බව අපි දන්නවා. හැබැයි උන් ටික කම්ම්බා හොරු බවත් අපි දන්නවා. කම්ම්බා හොරුත් එක්ක මෙරටේ ජිවත් වෙන්න අපි කොපමණ පව් කරලා තියෙන්න ඕනද?

:       0       1

Lalin Sunday, 30 July 2017 07:37 PM

ඔව් තොත්ත බබාලා නෙමේ, දුෂණයට වංචාවට විශේෂක්ඥයෝ.

:       0       1

minipe Sunday, 30 July 2017 08:43 PM

කැබිනට් මණ්ඩලේ ඉන්නේ තොත්ත බබාලා නොවේ අලි බබාලා.

:       0       1

rocky Monday, 31 July 2017 12:43 AM

තොත්ත බබාලා නම් නෙවි. ලෝකෝත්තර හොරු රැලක්. චන්දයක් තියල බලමුද මහත්තයෝ?

:       0       2

lalith Monday, 31 July 2017 01:04 AM

ඇත්ත. තොත්ත බබල නොවෙයි. හොඳ අන් ගිලපු අන්කුර්ල ටිකක්. නැතිනම් එන එන පක්සේට පැන පැන කෝස මිටිකගෙන ඔය විදියට ඉන්න පුලුවන්ද?

:       0       14

raveendra Monday, 31 July 2017 01:47 AM

දෙතොල කියපුදේ මුනේ ලියවෙනවා !!!!! වසන්කරනවිට ඇස්වල ලියවෙනවා !!!!! ලක්මව පාමුල දිඋරා කිඋදේ නිකම්ම පච වෙනවා!!!

:       0       1

DD Monday, 31 July 2017 02:25 AM

ඔහෙලා කියන සහ කරන කපටි - හොර තක්කඩි කථා සහ වෑඩ විශ්වාස කරන්න තරම් අපිද තොත්ත බබාලා නොවෙමු.

:       0       2

sarath perth Monday, 31 July 2017 02:50 AM

හැබැටම මේ කැලෑවල හිටපු රිලව් රැල කොහාටවුනාද?

:       0       13

pubu Monday, 31 July 2017 06:55 AM

එතකොට ජනතාවටද තොත්ත බබාලා කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා
2024 මැයි මස 14 609 0

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස


බිරියගේ ඝාතනයට වසර හතරකට පසු සැමියා අල්ලයි
2024 මැයි මස 14 420 0

සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.


නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී
2024 මැයි මස 14 588 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප


දිසා හතරකට නාය අනතුරු අඟවයි
2024 මැයි මස 14 93 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි


ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී
2024 මැයි මස 14 723 0

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ


ඉන්දියාව තවත් වසර පහක් කොටි තහනම් කරයි
2024 මැයි මස 14 116 0

එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 697 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site