IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘කතරගම මහ දේවාලයේ යතුර ඉල්ලා ආයෙත් අධිකරණයට යනවා’


 
 
විනීතා එම් ගමගේ
 
රුහුණු  මහා කතරගම දේවාලයේ කපු තනතුර පද්මසිරි රංජිත් අදිකාරම් මහතාට දෙන්නැයි ලබා දී ඇති අධිකරණ තීන්දුව වත්මන් කපු තනතුර දරණ තැනැත්තන් පිළිනොගන්නා බැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ යළි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නීතිඥ කැලූම් කුමාරසිංහ මහතා පැවැසීය. 


අධිකරණ තීන්දුව අනුව මාසයක් තේවා කටයුතු භාර ගැනීම සඳහා බස්නායක නිලමේ දිල්රුවන් රාජජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ ඒ මහතා තේවා මාසය සඳහා පත්වීම් ලිපිය හා රුපියල් දෙකයි අසූදෙකක සිරිත් පඩිය ද භාරදුන් බවත් යතුරු භාර දෙන්නැයි දැනට කපු තනතුරේ කටයුතු කරන තැනැත්තාට දැනුම් දුන් විට ඔහු එය ප‍්‍රතික්ෂේප කළ බවත් කුමාරසිංහ මහතා කීය. 


පණිවිඩට රැගෙන ගිය දේවාලයේ පණිවුඩකරුට ඔහු පවසා ඇත්තේ පැවැති අධිකරණ කටයුතුවල තමන් පාර්ශවකරුවෙකු නොවන බැවින් එකී අධිකරණ තීන්දු තමන් පිළිගැනීමට තමන් බැඳී නැති බව යැයි ද ඒ අනුව තම සේවා දායකයා කතරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර පැමිණි බවත් නීතිඥවරයා පැවැසීය. 


නීතිඥ කුමාරසිංහ මේ අදහස් පළ කළේ මහ කතරගම දේවාලයේ පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍යයට කරුණු දැක්වීම සඳහා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 


එහි දී අදහස් දැක්වූ අදිකාරම් කපු මහතාගේ පුතාවන අනුරාධ අදිකාරම් මහතා අදහස් දක්වමින් පැවැසුවේ දේවාලයේ පඬුරු පිළිබඳ විගණනයක් සිදුකරන ලෙස විගණන කොමිසමට  පැමිණිලි  කරමින් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව යි.



අදහස් (5)

‘කතරගම මහ දේවාලයේ යතුර ඉල්ලා ආයෙත් අධිකරණයට යනවා’

ලුම්බිණි Wednesday, 15 August 2018 10:32 AM

දෙවියන්ටත් රණ්ඩු කර ගන්න අපේ ඇත්තෝ.

:       15       1

ගාල්ලේ පාල Wednesday, 15 August 2018 11:45 AM

සූත්තර කපුවන් එපා. දෙවියන් අදහන්න ඉඩ සලසන්න.

:       0       13

kalpa Wednesday, 15 August 2018 12:20 PM

බැතිමතුන් පුදපඬුරු නොතබා පුදපූජා කලොත් මෙම ප්‍රශ්නය විසඳේවි. කපුවන්ගේ කාකොටා ගැනීම් නැවතීමට එහෙම කරමු

:       0       13

Mahee Wednesday, 15 August 2018 12:27 PM

දේශපාලකයින් යහපාලනය, ධර්මිෂ්ඨ සමාජය, සුබ අනාගතය වැනි සංකල්ප කැරට් අල පෙන්වමින් ඇස් තිබුණත් නොපෙනෙන ජනතාව රවටති. මිත්‍යාව වපුරන්නෝ නොපෙනෙන බලවේග පෙන්වමින් ඔවුන්ව තව දුරටත් අන්ධකාරයේ දක්කාගෙන යති.

:       0       0

KALANI Thursday, 16 August 2018 07:43 AM

වැස්ස, විදුලිය කෙටිම, රූස්ස වෘක්ෂ ලතා, කෙටියෙන් ස්වාභාව ධර්මය, මුල්ම මානවයා දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීම තවමත් මිනිස් සිතෙන් ඉවත් වී නැහැ. නමුත් විද්‍යා තාක්ෂණයෙන් දැවැන්ත ජයග්‍රහණ ලබන අපි පවතින සියලු කොන්දේසිවලට එකඟවීම නොවී ඒවා ප්‍රශ්න කළ යුතු වෙමු. කෙසේ වෙතත් බහුතරයක් දේවත්වය පිළිගන්න බැවින් අපි සරලව කතා කරමු. බුදු හිමියන්ගේ පාද ස්පර්ශය ලද කිරි වෙහෙර පුද බිමේ , කතරගම දෙවියන්ට ඇසෙන පෙනෙන මායිමේ තුවක්කු පත්තු වෙයි. ඒ මුදල් සඳහාය. දෙවියන් සිටිනු ඇත්තේ තිර හතක් ඇතුළත අඳුරුකුටියක මිස එළිමහන් වේදිකාවේ නොවේ. අපේ බුද්ධිමය වෑයම් තුළ අපේ නිර්මානාත්මක ප්‍රයාම තුළ දෙවියන් නොසිටින බව ජනතාවට ඒත්තු ගන්වමු. අන්ධ භක්තිය කියන්නේ අපේ ජීවිතය පසුගාමී පැත්තට තල්ලු කරන මෙවලමක්. කපු මහත්වරු දෙවියන් ඉදිරියේ තුවක්කු පත්තු කරන්නේ , නඩු මඟට බසින්නේ, බැතිමතුන් වෙනුවෙන් භාරහාර ඔප්පු කිරීමට නොවෙයි.අපි ඈත්තටම දියුණු චින්තනයක් තිබෙන ජාතියක්ද? අපි අපෙන්ම ප්‍රශ්න කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 100 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 411 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 321 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 247 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 624 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1271 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site