IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුණු ප්‍රශ්නයට මාස 3න් විසඳුමක් දෙන්න ශාන්ත බණ්ඩාර සූදානම්ලු

(ඩයනා උදයංගනී)

කුණු කසල ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ක‍්‍රමවේදයන් සොයා බලන්නට විදේශ සංචාරවලට ගිය අයගේ ප‍්‍රමාණය සලකන විට එම ප‍්‍රශ්නයට මෙතෙක් කල් විසඳුම් නොලැබුණේ ඇයිදැයි ප‍්‍රශ්නයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් ආදී පිරිස් මේ ගැන සොයාබැලීමට විදෙස් සංචාරවල නිරත වී ඇති බව කී ශාන්ත බණ්ඩාර මහතා ඔවුන් අවංකව කැපවී විසඳූම් සෙවූයේ නම් කුණු ප‍්‍රශ්නය මේ වන විට විසඳා ගන්නට තිබූ බව ද කියයි.

මීතොටමුල්ලේ සිදුවූ විනාශය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව, වත්මන් ආණ්ඩුව, පළාත් පාලන ආයතන ඇතුළු අදාළ සියලූ පාර්ශව වගකීම භාරගත යුතු බව ඒ මහතා පවසයි.

අදාළ අංශවලට දැන්වත් එයට විසඳුමක් සෙවීමට නොහැකි නම් මාස තුනක් ඇතුළත විසඳුමක් සෙවීමට ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ සූදානම් යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි. 

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (18 )පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (19)

කුණු ප්‍රශ්නයට මාස 3න් විසඳුමක් දෙන්න ශාන්ත බණ්ඩාර සූදානම්ලු

Perumal Tuesday, 18 April 2017 11:50 AM

ඉතින් ඔය කවුරුත් නොදන්න රහස් විසඳුම ඒ කාලෙම දෙන්න තිබුනනෙ.

:       4       44

vipula Tuesday, 18 April 2017 11:59 AM

ඒ කියන්නේ ඔයත් රට යන්නද පලන් කරන්නේ කුණුගොඩ පිට දාල? ෂෝක් හැමෝම ටීවී ඉස්සරහ ඇවිල්ල කතා දෙනවා විතරයි. එකෙක්වත් වැඩක් කරන්නේ නැ

:       1       93

ධම්ම Tuesday, 18 April 2017 02:00 PM

උඩට එන්න ෂෝක් මාතෘකාව. ජයවේවා සභාපතිතුමනි!

:       20       30

සතයපාල Tuesday, 18 April 2017 02:59 PM

හැමෝම වැඩ පටන් ගන්නේ දින දීලා හැබැයි කියපු දවසට වැඩේ ඉවර කරපු කවුරුත් තාම නැහැ

:       1       37

da silva berlin Tuesday, 18 April 2017 06:46 PM

ලෝකයේ දියුණු රටවල ඇති වියපෘති අධ්‍යයනය කරන්න කියල නුගත් දේශපාලකයෝ සහ නිලධාරී රට ඇරිය විට උන් කරන්නේ විනෝද වෙලා අපහු එන එක , ඔය රටසවරී වලට වියදම් කරන මුදල් වලින් කුණු ප්‍රශ්න කළමනාකරණය ගැන දැනුම සහ පලපුරුධ ඇති පුද්ගලයන් හොඳ වැටුපක් දීලා මෙහෙට ගෙනවගන්න අර 80,90, දශකවල එමිරේට්ස් , කටාර් සින්ගපුරු වැනි රටවල කල වගේ , එතකොට ඕක යම් පමණකට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් ,

:       0       8

lalith Tuesday, 18 April 2017 07:42 PM

මේ වැඩේට රට ගිහින් තියෙන කට්ටියගේ ලැයිස්තුව බලපුවම තව හත් අවුරුද්දක් ගියත් මේ වැඩේ නොවෙන බවනම් විස්වාසයි. මේ අපද්‍රව්‍ය කළමනාකරණය වගේම ඒවා නිසි පරිදි බැහැර කිරීම පිළිබඳව උපාදි ලබාගත් ය අපේ රටෙත් සිටිනවා. නිකම්ම නිකම් බලල ඇවිත් ඔය වැඩේ කරන්න බැහැ, නමුත් දන්නා එකාට අද තැනක් නැහැනේ. රට ගිහින් තියෙන්නේ කවුද? ආයතන ප්‍රධානියෙක් වුණු පමණින් අදාල විෂයන් ගැන බහුශ්‍රුතයෙක් වෙනවද? හරියට කොම්පියුටරයකින් වැඩකරගන්නවත් නොදන්නා ආයතන ප්‍රධානින් කොයි තරම් ඉන්නවද? අනික පළාත් සභා මන්ත්‍රී වෙන්නේ පළාතේ ඉන්න හොඳම මැට්ටෝ මිසක් මළපොතේ අකුරක් දන්නා එවුන් නෙමේනේ? ඉතින් උන් රට ගිගින් රටේ සල්ලි ටිකත් කාබාසිනියා කරලා එනවා මිසක් රටට වැඩක් වෙන්නේ නැහැ.

:       0       7

Lahiru Weerasinghe Wednesday, 19 April 2017 12:34 AM

මම ජීවත් වෙන්නේ MACAU රටේ. කවුරු හරි අවොත්, හොදම විසදුම සොයා ගත හැකිය ......

:       0       1

ratna Wednesday, 19 April 2017 01:55 AM

ඇයි කුණු කන්ද වැටෙනකන් හිටියේ? මේක මීට කලින් කියන්න තිබ්බනේ. මේ ඔක්කොම බොරුකාරයෝ.

:       0       5

නුවන් Wednesday, 19 April 2017 04:02 AM

පසුගිය රජය මේ කුණු කන්ද අවට අයට නගරයෙ හදපු මහල් නිවාස වලින් නිවාස දීම පටන් ගත්තා කන්ද වඩා උසවීම වැලකීමට හමුදාව මගින් තුනී කිරීමට කටයුතු කළා. වටෙිට කානුවක් කපා සීමාව වෙන් කළා ජලය බැසයාමට සැලසුවා. අන්තිම අය වැයෙන් තුණු දුම්රිය පෙට්ටිවල දමා පුත්තලමේ ගැබුරු හුණුගල් වලකට ගෙනයාමට සැලසුම් කර මුදල් වෙන්කළා. එතන අවු 35 කට ප්‍රමාණවත් කොරියාවේ අත්හදා බලපු විද්‍යාත්මක ක්‍රමයකට තැන්පත් කිරීමට නව රජය එම වැඩසටහන අත්හිටවන්නෙ නැතිව ඉදිරියට ගෙනගියානම් අද මේ අවාසනාව නොවීමට තිබුනා හොද දේ කවුරු කළත් ඉදිරියට ගෙනයාම රජයක වගකීම නේද? ලංකාවේ නැත්තෙත් ඒකමයි.

:       3       68

SamanWednesday, 19 April 2017 05:08 AM

මෙම හුණුගල් වලවල් තියෙන්නෙ විල්පත්තු ජාතික වන උද්‍යානය ඇතුලෙ, ඒ නිසා වන ජීවි දෙපාර්තමේන්තුව මේකට අවසර දුන්නේ නෑ. ව්‍යාපෘතිය ඉදිරියට නොගියේ ඒ නිසයි.

:       9       2

නුවන්Wednesday, 19 April 2017 05:53 AM

නැහැ විල් ගත්තුවෙ නෙවෙයි. මේ ස්ථානය තියෙන්නෙ ජනතා අනුමැතියත් ලැබුනා. පුදේශයේ ජනයාගෙන් උනන්දුවන කොටස් කොරියාවට ගෙන ගොස් පරිසර හානි අවම වන ලෙස කුණු තැන්පත් කරන ආකාරයත් පෙන්නුවා ඒ නිසා ජනතා විරෝදයක් නැවතුනා තැමැත්ත ලැබුනා. දුම්රිය පෙට්ය්ත් ගෙනා බවට වාර්තා පළවුනා නමුත් එය සත්‍යදැයි මා දන්නේ නෑ

:       1       11

නුවන්Wednesday, 19 April 2017 06:23 AM

සමන් පුත්තලම තියන තැනයි විල්පත්තුව තියන තැනයි Google map වලින්වත් බලන්න මෝඩ කතා නොලියා.

:       12       0

SamanWednesday, 19 April 2017 06:49 AM

මෝඩ කතා කියන්න මට අවශ්‍ය නැහැ, කරුණාකරල ගම්මන්පිලගෙන් අහන්න බලන්න, එයත් අද පුවත් සාකච්චාවේදි කියනව, වන ජීවි දෙපාර්තමේන්තුව මේකට අවසර දෙන්නෙ නැත්නම් බලය පාවිච්චි කරල විල්පත්තු මායිම පස්සට ගන්න ඕන කියල මේ වලවල්වලට කුණු දාන්නනම්.

:       3       1

සෙනෙවි Wednesday, 19 April 2017 04:12 AM

ප්‍රශ්ණයේ දිග පලල දන්නෙ නැති අය කොහොමද මාස 3 න් විසඳුම් දෙන්නෙ ?මොහු උත්සාහ ගන්නෙ කුණු තුලින් තමන්ට තැනක් හදා ගන්න.

:       0       164

daham Wednesday, 19 April 2017 05:46 AM

අනේ මේ බූරුවා දන්නා කෙහෙල්මලක් නැහැ. අර ගෝටාබයගේ යෝජනාව මේ ආණ්ඩුව අතහැර දැම්මේ ඇයිද කියහන්කෝ. එක කළා නම් මේ අපරාධය වෙන්නේ නැහැ.

:       14       38

siri Wednesday, 19 April 2017 06:18 AM

ශාන්ත මහත්තයෝ,ඔය ඔය මොන බයිලා ගැහුවත් මීලග චන්දයේදී අපි පයින් ගහල එලවනවා.ඔබල වගේ ,අපග්ෆේ චන්දයෙන් ආපු අය ගැන නිසි පිළිතුරක් අපි දෙනවා.

:       0       1

siriya Wednesday, 19 April 2017 06:23 AM

විලි ලැජ්ජයි ශාන්ත ,රෙද්දක් ඇදගෙනද ඉන්නේ කියල බැලුවොත් තමයි හොද.ඔබල වගේ අනුන්ට කඩේ යන අයට මී ලග චන්දයේදී නිසි පිලි තුරු ලැබෙයි.

:       2       4

vipula Wednesday, 19 April 2017 07:49 AM

මේවා නිකන් කතා විතරයි තව ටික දවසකින් කරගෙන ආපු දේම විතරයි කෙරෙන්නේ.

:       0       0

sanjeewa Wednesday, 19 April 2017 08:39 AM

ෂෝක් ටිකිරි මොලේ කොහෙද මෙච්චරකල් හන්ගන් හිටියේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 56 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 247 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 104 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 105 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 103 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 838 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site