IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


කටකතා ගැන බිය නොවන්නැයි පොලීසිය කියයි

(  දිල්රුක්ෂි ග්‍රේරු)

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසළ හා මට්ටක්කුලිය ප්‍රදේශයේ  කතෝලික දේවස්ථානයක් ඉදිරිපිට සැකකටයුතු වාහන  දෙකක්  ඇති බවට පැතිර යන  කටකතා  පිළිබඳව කලබල විය නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
මේ පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ස්ථාන දෙකටම ගොස් පරීක්ෂා කර  එහි කිසිදු  සැකකටයුතු දෙයක් නොමැති බව තහවුරු කරගෙන  ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මට්ටක්කුලියේ කතෝලික දේවස්ථානය අසළ නවතා තිබූ වෑන් රිය කාර්මික  දෝෂයකට ලක්වීමෙන් අයිතිකරු එම ස්ථානයේ වාහනය නවත්වා ඇති ගොස් බව තහවුරු වී ඇති අතර පාසල අසළ නවතා තිබු වාහනයේද  අයිතිකරු  පැමිණ  ඇති බව  මාධ්‍ය ප්‍රකාශකවරයා  තවදුරටත් සඳහන් කරයි.

පැතිර යන කටකතා පිළිබදව  අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් කිසිදු සැකකටයුතු දෙයක් සිදුව නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



අදහස් (9)

කටකතා ගැන බිය නොවන්නැයි පොලීසිය කියයි

රජින්ද Wednesday, 16 October 2019 06:37 AM

250ක් අමු අමුවේ අකාලයේ ඝාතනය වෙනකොට ඒ බව දැන දැනත් මහජනතාවට වසන් කරපු උන්දැල ඉන්න රටක, කටකතා ගැන අනිසි බිය නැතිවෙන්නේ කොහොමද මහත්තයෝ.

:       206       413

saman Wednesday, 16 October 2019 06:56 AM

ඇත්තටම දැන් ආපහු ආරක්ෂාව ගැන කිසිම බලධාරියෙක්ගේ අවදානයක් නැහැ. අවශ්‍ය අවසර පත් තියෙනවනම් පාර්ලිමේන්තුවට උනත් පරීක්ෂාවකින් තොරව යන්න පුළුවන්

:       210       254

sisira Wednesday, 16 October 2019 08:07 AM

අනිසි බියක් ඇතිකරගන්න එපා දැන්මම. යමක් උනාට පස්සේ බියවෙන්න. ඒකනේ ක්‍රමය. අනික සහරාන්ගේ අනුගාමිකයෝ දැන් හංස වේදිකාවෙනේ ඉන්නේ.

:       335       507

ChathuriWednesday, 16 October 2019 08:40 AM

ඒ වගේම තමයි මේ කටකතා පතුරුවන නිවට රැල ඉන්නේ පොහොට්ටුවේ.

:       369       446

ranga Wednesday, 16 October 2019 08:36 AM

මිනිස්සු මැරුණට පස්සේ බය වෙමුකෝ.

:       2       139

nethu Wednesday, 16 October 2019 08:46 AM

වරායත් එහෙමම තමයි. පාස් එක විතරයි ඕන.

:       1       120

chandana Wednesday, 16 October 2019 09:05 AM

සිසිර, මේවා පොහොට්ටුවන්ගේ බොරු ප්‍රචාර ඊයේ අතුරුගිරියේ ඉස්කෝලයට මම ගිය වෙලාවේ පොහොට්ටු පියෙක් (ඔහුව මම හොඳට දන්නවා) මා සමග කියනවා මුන් දැන් ඡන්දෙ කල් දාගන්න එකතුවෙලා ඉස්කෝලයකට ගහවි කියලා. හිස්බුල්ලා දැන් ඔයලට දෙවියෙක් වගේද පේන්නේ?

:       198       130

nadeeWednesday, 16 October 2019 09:20 AM

ඔය යාළුවා සාමාන්‍ය ඡන්ද දායකයෙක්නේ... එ්කෙන් පේන්නෙත් මිනිස්සුන්ගේ හිත තුළ තියෙන සැකය..

:       62       125

athuraThursday, 17 October 2019 04:51 AM

පුළුවන් තරම් මිනිස්සු බය කරලා සැකය ඇතිකළේ කවුද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 563 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 130 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 82 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 759 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 820 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1445 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site