IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවේ කටුස්සෝ ගුවනින් කටුනායකට එති

(ටී.කේ.ජී.කපිල )
 
                      
කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
                    
මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුව වෙත ගෙනැවිත් එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ එම භාණ්ඩ ප්‍රවාහනය කරන ජාත්‍යන්තර සමාගමක කාර්යාලය වෙත එවා තිබිණි.
 
                  
භාවිතා කළ පරිගණකයක් සේ හඳුන්වමින්  කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට එවා තිබූ මෙම ගුවන් භාණ්ඩ පාර්සලය බාර ගැනීමට අදාළ පුද්ගලයාට දැන්වූවද ඔහු නොපැමිණීම නිසා මෙම පුද්ගලයා සහ ලිපිනය පිළිබඳව සොයා බැලූ රේගු නිලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසුව පාර්සලය එම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් ඉදිරිපිට දී විවෘත කර පරීක්ෂා කර බලද්දී මෙම සතුන් 32 ක් , එම පරිගණකය  තුළවූ කුඩා රෙදි මළු 5 ක දමා සිටියදී සොයාගෙන තිබේ.
 
                  
මෙම සත්ව විශේෂය බටහිර රටවල සුරතලයට ඇති කරන බව ප්‍රකාශ වුවද මෙම සතුන්ගේ ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී ද ඔවුන් අනවශ්‍ය ප්‍රමාණයෙන් බෝවීම සිදු වන්නන් ද මොවුන් පරපෝෂිතයන් විශේෂයක් ද අප රටේ කෘෂි බෝග වගාවන්ට හානිකර සත්ව විශේෂයක් ද 
රෝග කාරක පතුරුවන විෂ සහිත සත්ව විශේෂයක් ද යන්න රේගු නිලධාරීන් තවමත් අනාවරණය කර ගෙන නොමැත.
 

මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ආනයනය  කිරීමේ දී  එරට සත්ව  නීරෝධායන ආයතන වල වලින් සහතික කිරීම් අත්‍යාවශ්‍ය වන අතර මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායන ආයතනවල නිර්දේශ ද මොවුන් රට තුළට නිදහස් කිරීමේ දී අවශ්‍ය වේ.
 
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය වීමක් බව රේගු නිලධාරීන් සඳහන් කරයි.
 



අදහස් (11)

ඕස්ට්‍රේලියාවේ කටුස්සෝ ගුවනින් කටුනායකට එති

sanjeeva Friday, 15 June 2018 04:06 AM

අයියෝ. ඒගොල්ලෝ දන්නවනම් මෙහෙ ඉන්න කටුස්සෝ පාට මාරු කරන විදිහ, මෙහෙ අය එහෙට ගෙන්න ගනී

:       0       9

uddika Friday, 15 June 2018 04:50 AM

ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා නැවත එම සතුන් මවු රටට යැව්වානම් හරි. එහෙම නැතිනම් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා එම පාර්සලය එවන ලද පුද්ගලයාව සොයාගෙන නීති මගින් කටයුතු කරන්න. එතකන් මේ සතුන් දෙහිවල සත්වෝද්‍යානයට බාර දෙන්න

:       0       16

sam Friday, 15 June 2018 05:48 AM

මෙවුන් බ්ලූ ටං ලිසාර්ඩ් (blue tongue lizard ) බවයි පෙනෙන්නේ. වෙනත් රටවලින් සත්තු ගෙනැවිත් ලංකාවේ පරිසරයට මුදා හැරීම ඉතාම භයානකයි .

:       0       14

ලුම්බිණි Friday, 15 June 2018 05:50 AM

මෙම කටුස්සන් කාන්තාර ආශ්‍රිත පැති වල ඉන්න අය වගෙයි. මෙම කටුස්සන් හොර ජාවාරම් කාරයන් වෙනත් රට වලට යවනවා. මෙය ඕස්ට්‍රේලියාවේ නීති වලට විරුද්ධව කරපු දෙයක් බව පේනවා. රේගු නිලධාරීන් මෙය ඕස්ට්‍රේලියා මහා කොමසාරිස් කාර්යාලයට දැන්වුවා නම් හොඳයි.

:       0       23

සිරිනාම Friday, 15 June 2018 06:06 AM

අපි දෙහිවල සත්තු වත්තේ තියා ගම්මු, හැබැයි පිටට එහෙම නම් යවන්න එපා

:       1       23

akila Friday, 15 June 2018 06:48 AM

මේ සත්තුන්ගේ භයානක වෛරස් රෝග කාරක තියනවද දන්නේ නැහැ.........

:       0       6

රවින් Friday, 15 June 2018 07:04 AM

මෙම සතුන් පිළිබඳ වැඩිදුර විස්තර ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාර වෙබ් අඩවියෙන් දැනගත හැකිය.

:       14       0

shyama dahanayake Friday, 15 June 2018 08:59 AM

අනේ හරිම ලස්සනයි, කොහෙන්ද මට මේ වගේ කටුස්සෙක් ගන්න පුළුවන්?

:       14       1

Bimal Friday, 15 June 2018 09:20 AM

පුදුමයි ඕස්ට්‍රේලියාවෙන් නිසා පාර්සලය පිටින්ම කවුරුවත් ඉස්සුවේ නැති එක. සාමාන්‍යයෙන් එහෙන් එවන පාර්සල් නැතිවෙන සම්භාවිතාව වැඩියි.

:       1       1

sirimal Friday, 15 June 2018 10:48 AM

අපේ ඈයො බෝට්ටුවලින් එහාට පනින්න දඟලනවා. එහේ කටුස්සෝ අහස් යන්ත්‍ර මෙහාට පනින්න දඟලනවා.

:       0       0

Bamunuarachchi Friday, 15 June 2018 04:49 PM

වීසා නැතුව ආවොත් අමාරුවේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 35 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 919 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1693 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1909 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 980 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 925 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site