IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


එජාප පසු පෙළ මන්ත්‍රීහු පරීක්ෂණයක් ඉල්ලති

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

ළමා හා  කාන්තා රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය උතුරට නැවත එල්.ටී.ටී.ඊ පාලනයක් අවශ්‍ය බව පවසමින් කර ඇති ප්‍රකාශය ගැන වහාම විනය පරීක්ෂනයක් පවත්වන ලෙස එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ නායකත්වයෙන් සහ කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියහ.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය සිදුකළ ප්‍රකාශ සමඟ කිසිසේත්ම එකඟවිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවත් ඔවුන් සඳහන් කළේය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් අනාවරණය කර රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවු අක්‍රමිකතා පිළිබඳ සිදුවීම් අමතක කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මාධ්‍ය රංගනයක නිරතවූ බවද ඔවුහු ප්‍රකාශ කළේය.

මෙහිදී අසහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙසේ පැවසීය.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපිට කිසිසේත්ම එකඟවෙන්න බැහැ. ඒ වගේ අය එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න සිදුවීම ගැනත් අපිට ලැජ්ජයි . ඒ නිසා හැකි ඉක්මණින් මේ ගැන තීරණයක් ගන්න කියලා අපි නායකත්වයට කියනවා. සියළු විනය ක්‍රියාමාර්ග ගන්න අමාත්‍යධූරයෙන් අයින් කරන්න, පක්ෂයේ තනතුරුවලින් ඉවත්කරලා උපරීම දඬුවම් දෙන්න කියලා අපි කියන්න කැමති . එතුමියගේ ප්‍රකාශයට අපි අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා.

හැබැයි මේ සිද්ධිය දඬමීමා කරගෙන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හැසිරුණ අකාරය අනුමත කරන්න බැහැ.

නිව්යෝක් ටයිම්ස් සිද්ධියෙන් කට උත්තර නැතිව හිටපු ඒකාබද්ධ විපක්ෂයේ අයට හොද ගොදුරක් හම්බවුණා.ඒ සිද්ධිය යටගහගන්න මේ විදිහට පාර්ලිමේන්තුවේ නාට්‍යයක් රගපෑවා.

එහෙම කියලා නිව්යෝක් සිද්ධිය යට ගහන්න දෙන්න බැහැ.ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙන්කෝලේ උඳුරගත්තා.අලුත් ස්ථාවර නියෝග අනුව ඔහුටත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා යැයි මන්ත්‍රීවරයා කීවේය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන , චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු සහභාගී වූහ.



අදහස් (0)

එජාප පසු පෙළ මන්ත්‍රීහු පරීක්ෂණයක් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 449 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 108 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 72 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 665 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 700 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1211 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site