IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


එජාපය ප්‍රතිසංවිධානයකට සූදානම් - සාගල රත්නායක

(එස් .ඩි .කොඩිකාර )
  
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයකට සූදානම් බව තරුණ කටයුතු පිළිබඳ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) දෙනියාය කොටපොළ දී පැවසීය.

 
 ඒ මහතා මේ බව පැවසුවේ කොස්මෝදර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය විසින් අසරණ පවුලකට අංග සම්පූර්ණ නිවසක් සාදා එය භාර දීමේ උත්සවයකදීය.මේ අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද එක් විය. 
 
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
 
       “අනාගතයට ගැලපෙන විදියට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි සිදු කරන්න ඕන.අපි මේ ගැන ඉදිරි දෙදින තුළ පක්ෂයක් වශයෙන් සාකච්ඡා කරනවා.
 
අගමැතිතුමාට රජයට විරුද්ධව  ගෙනා ඒ විශ්වාසභංගය පරාද කරන්න අපේ ආණ්ඩුවේ පක්ෂ දෙක කටයුතු කරද්දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කොටසක් ඒ විශ්වාස භංගයට පක්ෂව කටයුතු කළා .
 
තමන්ට රජය ගැන විශ්වාසයක් නැත්නම් ඒක තුල සිට රජය  වැට්ටවීමට කටයුතු කරන එක සුදුසුද ?
 
පළාත් පාලන මැතිවරණ වෙලාවෙදි ජනතාව අපිට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා .ඒක අනතුරු ඇඟවීමක් විතරයි . අපි අපේ ගමන හරි ගස්ස ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්.
 
ජනාධිපතිතුමා, අගමැතිතුමා,කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්  ජනතාවට වැඩ කරන්න ඕන.
 
ඒක තමයි අපි බාර ගත්ත වගකීම . පලවෙනි අවුරුදු තුනේ අපි මහන්සි වුණා වැඩපිළිවෙළක් හදන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන කාලයයි. එහෙම නොකලොත්  ඊළඟ මැතිවරණයේදී ජනතාව අපිව ෆේල් කරාවි යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.“



අදහස් (18)

එජාපය ප්‍රතිසංවිධානයකට සූදානම් - සාගල රත්නායක

ජයන්ත මිලානෝ Friday, 06 April 2018 05:13 PM

රටේ ජනතාව ගැන ඔබතුමාලා හිතනවා කියන එක බොරු .

:       577       644

BamunuarachchiSaturday, 07 April 2018 05:44 AM

ඔබතුමාලා ගැන රටේ ජනතාව හිතනවා කියන එකත් බොරු...

:       0       34

Indhika Friday, 06 April 2018 10:58 PM

ප්‍රතිසංවිධානය කරන්න තියෙන එකම විදිහ ඔයාලා කට්ටියම මොන්ටිසෝරි යවලා එතන ඉඳන් පටන් අරන් අධ්‍යාපනයක් දීලා පාර්ලිමේන්තුවට ගන්න එක...

:       2       64

chris Friday, 06 April 2018 11:07 PM

"අද නෙමේ හෙට" බොරු කතා එපා කෙරන දෙයක් කියනවා...

:       0       35

Buddika Saturday, 07 April 2018 12:57 AM

එජාපයට ඇතිවුණු ජනතා අප්‍රසාදයට ඔහේත් හේතුවක්... පොලීසිය භාරව ඉඳලා ගිය ආණ්ඩුවේ එක හොරෙක් අල්ලගන්න බැරිවුණා.

:       48       127

gunasena Saturday, 07 April 2018 02:15 AM

රටේ ජනතාවට බදු වැඩිකර ආණ්ඩුවද දිනන්න ලෑස්ති වෙන්නේ? මිනිස්සු ඡන්දෙ දේවිද?

:       1       10

td Saturday, 07 April 2018 02:24 AM

කව්රු මොනවා කෙසේ කිව්වත් උගත්, බුද්ධිමත් නායකයකු වන රනිල්ගේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට හා සමානව මුළු ලංකාවටම අතිශයින්ම වැදගත්ය. විශ්වාස භංගය දිනීමෙන් පසු දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ රනිල්ගේ නායකත්වය ශක්තිමත් කිරීමය. රනිල්ගේ දුරදක්නා නුවණ සහ දේශපාලන අත්දැකීම්වලින් රටට වැඩක් ක‍ර යුතුව ඇත. නූතන ලංකාවේ තිබෙන කිසිම දේසපාලන පක්ෂයට නොමැති උගත් බුද්ධිමත් වටිනා නායකයකු එක්සත් ජාතික පක්ෂයට සිටින්නේය. ඔහු ආරක්ෂා කර ගැනීම සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ මෙන්ම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි. ඔහුට බනින්නේ සහ නායකත්වයෙන් එළවීමට උත්සහ කරන සියලුදෙනා දැන හෝ නොදැන කරනු ලබන මේ මෝඩ ක්‍රියාව වහා නවතා දැමිය යුතුය. එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සියලු දෙනාම එක්සත් යන නමට මුල්තැනදී කටයුතු කිරීම මින් ඉදිරියට කල යුතුය. කතා කලයුතුදේ ඇතුලේ කතා කරනවා මිස එළියට පැමිණ කිව යුතු නැත. ලංකාව ලොව ප්‍රබල දියුණු රටක් කිරීමට එතුමා දරන උත්සාහයට ශක්තියක් සහ අත්වැලක් වීම ඔබගේ යුතුකමකි, වගකීමකි.

:       870       812

BamunuarachchiSaturday, 07 April 2018 05:43 AM

"රනිල්ගේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට හා සමානව මුළු ලංකාවටම අතිශයින්ම වැදගත්ය. " රටකට නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක්ද කියලා මෙයාගේ ඉතිහාසය දිහා ආපසු හැරී බලන්න. විස්තර කිව්වාට පලවෙන්නේ නැහැ. එ්කයි අපිට පත්තරත් එපාවෙලා තිබෙන්නේ.

:       120       182

ramaSaturday, 07 April 2018 10:57 AM

පලපුරුදු නායකත්වය නිසා තමයි අර 2002දී කොටි ඇවිල්ලා හමුදා බංකර් ඉස්සරහ ගිවිසුමක් අත්සන් කළේ..

:       0       46

Kaviharana Saturday, 07 April 2018 03:54 AM

එල්.ජී.බී.ටී. කමියුනිටි එක ස්ථාපිත කරන එක තමයි මෙතුමා මේ කියනවා ඇත්තේ..

:       1       212

Hafeel Saturday, 07 April 2018 05:33 AM

ජනතාව දැනටමත් මේ රජය ෆේල් කරලයි තියෙන්නේ.

:       1       6

Bamunuarachchi Saturday, 07 April 2018 05:38 AM

පළවෙනි අවුරුදු තුනේ අපි මහන්සි වුණා වැඩපිළිවෙළක් හදන්නලු හලෝ... 62 ලක්ෂයක් කොටළුවන්ට නම් ඕවා කනපිනවන බව ඇත්ත. අපට නම් ඔබලාගේ නොහැකියාව පෙන්නුම් කිරීමක්...

:       1       30

td Saturday, 07 April 2018 02:43 PM

ලංකාවේ සිටින උගත් බුද්ධිමත් බහුතර ජනතාව ජීවත්වන්නේ 21 වන සත වර්ෂයේය. රනිල් යන නායකයාට තම පූර්ණ ශක්තිය යොදවා රට පාලනය කිරීමට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයවේ. වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් දින්න ලද ජනාධිපතිවරයෙක් මෙයට දායක වේ. පසුගිය වකවානු වලදී රනිල් අගමැති වූයේ පූර්ණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරු යටතේය. රනිල් යනු එක එක පුද්ගලයින් කෝටිපතියන් කරන, එක් එක්කෙනා නලවන, එක් එක් කෙනාගේ ප්ලෑන්වලට වැඩකරන නයකයකු නොවේ. ඔහු වැඩ කරන්නේ මුළු රටේම සමස්ත ජනතව සහ රට ගැන සිතාය. ජාති, කුලමල ආගම් කිසිසේත්ම එතුමාට වැඩක් නැත. රටේ ඉපදුණු සහ ජීවත්වන සියලු දෙනාම ශ්‍රී ලංකිකයන් හැටියට සලකන නායකයෙකි. ලංකාවේ සිටින බොහෝ දේශපාලකයින්ට නොතිබෙන රට සංවර්ධනය කරන දර්ශනයක් එතුමාට තිබේ. බොහෝ දේශපාලකයින් මෙන් එතුමා රටේ ජනතාව අන්දවන්නේ නැත. රනිල් එළවීමට උත්සාහ කරන සියලුම දේශපාලකයින් කරන්නේ ලංකාවේ මිනිසුන් මුලාකර මෝඩයන් කර බොරුබියක් ඇති කිරීම පමණි. බමුණන් තවම ජීවත්වන්නේ පැරණි බමුණු යුගවලයි. ඔවුන්ට දියුණුව යනු මහා විනාශයකි. බමුණු මතවලින් එලියට පැමිණ ලෝකය දෙස බැලීමට බමුණන්ට පමණක් නොව බමුණු අදහස් වල සිටින සියලු දෙනාට ආරාධනා කරමි.

:       20       0

BamunuarachchiSaturday, 07 April 2018 05:57 PM

රනිල් කියන නායකයාට පූර්ණ බලතල ඇතිව නායකයා වෙන්න ජනාදිපති කමට ඉල්ලන්න තිබුනානේ. මොකෝ ජනාදිප්තිකමට ඉල්ලුවේ නැත්තේ? ඒගොල්ලෝ කලේ මුට්ටිය දාලා බැලුව. හලෝ එයා පුර්ණ නායකයා වෙන්නේ කොහොමද බංගයෙදී දෙමල මුස්ලිම් චන්ද නොලැබුනානම්. රනිල් එක එක්කෙනා කෝටිපතියන් කොරන කෙනෙක් නොව්‍යිලු. අයිදෙයියනේ මේ කියන මනුස්සයා කොයිලොකේද ඉන්නේ මහා බැංකුවම කොල්ලනන්නදීල කෝටි ප්‍රකෝටි පතියන් හැදුවේ කව්ද? මට පෙනෙන්නේ මෙයාගේ මොලේ අමාරුවක් තිබෙනවා සියල්ල උඩු යටුකුරු වෙලා පෙනෙන.

:       0       15

tdSunday, 08 April 2018 02:05 PM

ප්‍රතිපත්ති ගරුක සහ නීති ගරුක පුද්ගලයකු වන රනිල් දෙපාරක් ජනාධිපතිවරණයට තරග කර තුන්වන වාරයකට තරග කිරීමට ගියේ නැත. ජනාධිපතිවරණයට තරග කල හැක්කේ දෙවරක් පමණි. දින්නත්, පැරදුණත් එය එසේමයි. රනිල්ට පවුල් දිනවීමට කිසිම අවශ්‍ය තත්වයක් නැත. එතුමාගේ ඒකායන අරමුණ රට සහ රටේ ජනතව දිනවීමටයි. යලිත් කියන්නට තිබෙන්නේ ඔය බමුණු යුගයෙන් එළියට පැමිණ ලෝකය දැක එහි සිදුවන්නේ කුමක්ද කියා හොඳින් අවධානය යොමුකර, යමක් ලිවීමට සහ කීමට පෙර එහි සත්‍ය, අසත්‍ය බව හොඳින් තහවුරු කරගෙන සත්‍ය ඒ අකාරයෙන් කියනවා නම් මැනවි. යලිත් මතක් කර දියයුතුව තිබෙන දෙය නම් ජනාධිපතිවරණයට තරග කල හැක්කේ දෙවරක් පමණි. දින්නත්, පැරදුණත් එය එසේමයි...

:       0       0

Bamunuarachchi.Sunday, 08 April 2018 03:58 PM

td මිනිස්සු කරන රැවටිලි වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි අනුන් රැවටීම. දෙවැනි දරුණුම රැවටිල්ල තමයි තමන් රවටා ගැනීම. td ඔබ තමන් රවටා ගන්නවා.

:       0       0

Ajith NissankaSunday, 08 April 2018 12:28 AM

ඔය කියන උගත් බුද්ධිමත් රනිල් තවම නම් අපි දැක්කේ නැහැ! දැනටනම් අපි දකින්නේ පිටරට පුරවැසියකු සමග ඩීල් දාල මහ බැංකුව කන්න ගිහිල්ල හත්පොලේ ගාගෙන ඉන්න රනිල් කෙනෙක් විතරයී! ඔය කියන රනිල් අද නොවේ හෙට පහල වෙනවා වෙන්න ඇති!

:       0       17

Aluthgama A. Samathasena. Saturday, 07 April 2018 02:44 PM

ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. පසුපෙළ මන්ත්‍රීන්ට එය වඩාත් වැදගත් වේවි. බුද්ධික පතිරණ වැනි අයටද සාධාරණයක් විය යුතුමයි. මෙයින් පසු පක්ෂයේ සමගිය ඇතිවේවි. ඊළඟ ඡන්දයේදී තරඟය තියෙන්නේ අලියාත්, පොහොට්ටුවත් අතරයි. විශ්වාස බංගය නිසා ශ්‍රීලනිපයේ දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය වුණා. එය නායක සිරිසේන මහතාගේ කණ්ඩායමේ ඡන්ද ප්‍රතිශතය අඩුවීම කෙරෙහි බලපාන්න පුළුවන්. එබැවින් කිසිඳු විශ්වාසයක් තබන්න බැරි පිරිසක් සමග වැඩකොට සාර්ථක වීම ඉතා අසීරු කටයුත්තක් වේවි. එජාප කණ්ඩායම මහන්සි වී අදින වතුර ටික ශ්‍රීලනිප කණ්ඩායම හිතේ හැටියට නා ගනීවි. පසුව පෙර විදිහටම කලගුණ සලකාවි. අවාසනාවකට හෝ පෙරසේම එසේ සිදුවුවහොත්, එම තත්වය එජාපයට තදින්ම බලපාවි.

:       7       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 358 1

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 204 1

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 521 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි
2024 මැයි මස 04 319 0

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක


රටේ ජනගහනය අඩුවෙලා
2024 මැයි මස 04 1505 9

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා


මාවුස්සාකැලේ පතුලටම හිඳේ
2024 මැයි මස 04 963 0

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 474 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1923 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1694 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site