IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


එජාපයේ තනතුරු වෙනස අද

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත.

මෙම කමිටුව අද (19) රැස්වෙන්නේ දෙවැනි වතාවටය. ඒ අනුව පක්ෂයේ තනතුරු අද වෙනස් කෙරෙන අතර, එම තීරණය ලබන මැයි මස 06 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැයි රැලියේදී දැනුම්දීමට දේශපාලන මණ්ඩලය රැස්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ
මන්දිරයේදීය. පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වෙනස් කෙරෙන
පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා මෙම කමිටුව පත් කෙරිණි.



අදහස් (7)

එජාපයේ තනතුරු වෙනස අද

chamal Thursday, 19 April 2018 05:44 AM

මොන මොන තනතුරු මාරු උනත් රනිල් නායකයා. අවසාන තීරණ ගන්නේ එයා. එජාපයේ හැමදාම තියෙන එකම විහිලුව.

:       1       0

sirimal Thursday, 19 April 2018 07:08 AM

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ ගැන වැඩිපුරම කතාකරන්නේ එජාප සාමාජිකයන් නොව එම පක්ෂයට සම්බන්ධ නැති පිරිස්ය. මෙවැනි සාකච්චාවක් ලංකාවේ වෙනත් දේශපාලන පක්ෂයක් පිළිබඳව සිදුවන්නේද නැත.එමගින් පිළිබිඹු වන්නේ එජාපය එහි ස්ථාවර ඡන්ද දායක සංඛ්‍යාව වන 30% - 35% අතර වූ පිරිසට වඩා සමස්ථ රට වැසියන්ගේ ඉරණමේ තීරණාත්මක පක්ෂය බවට පත්ව ඇති බවයි. කලක් පක්ෂය අරක්ගෙන සිටි තග් සංස්ථා නායකයෝ අකර්මන්‍යවී පක්ෂය මැර දේශපාලනයෙන් ඈත්වුන බවක් පෙන්නුම් කලද අවශ්‍ය වෙලාවට තගරි ක්‍රියාවක් කල හැකි බව මාතර කුරුඳු පොලු ප්‍රහාරයන් පෙන්වා දුනි. හැමදාම රටේ වාමාංශිකයන්ගේ වෛරයට පාත්‍රව තිබූ එජාපය දැන් වාමාංශිකයන්ගේ සහෘද පක්ෂයක් බවට පත්ව ඇත.ජනතා විමුක්ති පෙරමුණට අද ‘රතු අලි පැටියා‘ යයි අවලාද නැගෙයි.එජාප ආණ්ඩුවට ජාතික ලැයිස්තුවෙන් වාමාංශික පක්ෂ නියෝජිතයන්ද ඇතුලත්ව සිටිති. එජාපය සුළු ජාතික පක්ෂ වලටද සහෘද පක්ෂයක් වී ඇත. අද එජාපයේ ඉදිරි පෙළට නොකිලිටි තරුණ මන්ත්‍රීන් පැමිණෙන බවක් පෙනේ.කෙසේ වෙතත් එජාප ප්‍රතිසංවිධානයේ ආරම්භයම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ පැත්තෙන් බැලූ කළ ධනාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකිය.

:       124       208

Hafeel Thursday, 19 April 2018 07:18 AM

මොන පූර්ණ ප්‍රතිසංවිධානයක්ද නායකයා වෙනස්කරන්නේ නැතුව?

:       3       177

ranga Thursday, 19 April 2018 07:28 AM

වෙනසක් අපේ නැතේ ඒයා කියා මෙය කියා ...........

:       0       148

Bamunuarachchi Thursday, 19 April 2018 07:31 AM

වෙනස් වියයුතු එකම තනතුර අගමැති තනතුර එය වෙනස් නොකර මොන ජෝකරයා වෙනස් කලත් වැඩක් නැත. අගමැති කම වෙනස් කොරන්නත් එජාප යේ කෙනෙක් නැත. 2020 වනතුරු රට මේ කරුමය ගෙවිය යුතුය.

:       1       86

shehan Thursday, 19 April 2018 08:12 AM

මොන පූර්ණ ප්‍රතිසංවිධානයක්ද නායකයා වෙනස්කරන්නේ නැතුව?

:       0       0

Pohottu Bamunaa. Friday, 20 April 2018 03:47 AM

අගමැතිකම වෙනස් කොරන්න මෙයාලට මෙච්චර හදිසිසියක් මොකද දන්නවාද ? රනිල් තමයි මේගොල්ලන්ට තියෙන විශාලම අභියෝගය .හොර මැරකම් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් කරපු තමන්ගේ නයකයයි, හැත්ත බුරුත්තයි වෙනස් කරලා රට ඒ අයගෙන් බේරා ගැනීමයි කලයුතු වන්නේ. මේ හැතිකරයට ආයෙමත් රට දෙන්න තමයි මේ දඟලන්නේ. හොරකම, බොරුව, වංචාව, අවනීතිය රජ කරවලා ඒකාධිපති මහා රජෙක්ව සිංහාසනයේ වඩා හින්දුවන්නයි මේ උත්සාහය. ඇත්ත කිව්වාම,අර්ථ සාස්තරේ ගැන කියවනවා. මෙයාලගේ අර්ථ සාස්තරේ තියෙන්නේ උදර කුහරයේ පහලම ස්ථානයේ. පොතේ උගත්තු. ප්‍රායෝගිකව මධ්‍යස්ථව සිතන්නේ නැත.මොන උප්පරවැට්ටිය යොදන්නෙත් ඉහත කී ඒකාධිපති පාලකයාව ගෙනත් රට සුරපුරයක් කරන්නයි මේ අපරිමිත උත්සාහය.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 467 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 111 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 76 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 681 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 722 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1243 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site