IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය’

(දයාරත්න ඇඹෝගම)
 
දකුණේ  ඉදගෙන අපිට  සංහිදියාව ගැන උගන්වන ඒ ගැන  උස් හඩින් බෙරිහන් දෙන පාලකයන්  උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරීම පිළිබඳව වචනයක් කථා කරන්නේ නැති බවත් මේ සම්බන්ධයෙන් වහාම රජය ප්‍රකාශයක් කළ යුතු යැයි උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ අද (17)  පැවසුහ.
 
උතුරේ  පාසලක් තුළ පාසල් සිසුන් ඉදිරිපිට දී පළාත් අධ්‍යාපන ඇමැතිවරයකු  ජාතික කොඩියට අවමන් කළ සිදුවීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ උන්වහන්සේ මෙසේද පැවසිය.
 
මෙම ක්‍රියාව අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දී රාජ්‍ය මුදල් වලින් පඩි ලබමින්, දීමනා ලබමින්.ඉන්ධන සමඟ වාහන භාවිතා කරමින්  මෙසේ හැසිරෙන්න කිසිම ජගතකුට බැහැ. පසුපසු ගිය කාලේ සිංහල බෞද්ධ කොඩියට ,ජාතික කොඩියට අවමන් කිරීම් පිළිබඳව මහ හඬක් නගපු අය මේකට නිහඩ වෙලා.මේක නරක පුරවාදර්ශයක් මේ රට තවදුරටත් කොහාටද යන්නේ.දැන් සිංහල ජනතාව අවදි වෙලා ඉන්නේ. ලෝකයේ කිසිම රටක මෙවැනි දේ සිදුවන්නේ නැහැ. ත්‍රස්තවාදීන් පවා රටේ ජාතික කොඩියට ගරු කරන්න දන්නවා වුණත් මාතෘ භූමියට ගරු කරනවා යැයි උන්වහන්සේ පැවසුහ.



අදහස් (26)

‘උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය’

tarzan Friday, 17 November 2017 09:32 AM

අපේ හාමුදුරුවනේ, අර ජාතික කොඩිය විකෘති කරපු කට්ටියක් හිටියේ දළදා මාලිගාව ඉස්සරහ..?

:       6584       818

dahamFriday, 17 November 2017 10:23 AM

ටාසන්, ජාතික කොඩිය විකෘති කලේ නැහැ. එදා ලෙල දුන්නේ නියම සිංහලේ ජාතික කොඩිය. එ්ක නෙමෙයි ඔහේට යට කරන්න ඕනේ වෙලා තියෙන ප්‍රශ්නේ. ඇමැතිවරයෙක් ජාතික කොඩියට ගරු කරන්නේ නැත්නම් ගන්න පියවර මොකක්ද?

:       303       4727

tarzanFriday, 17 November 2017 11:42 AM

ඔය ජාතික කොඩිය, බෞද්ධ කොඩිය, ධර්ම චක්‍රය, මේවා ඔක්කොම මිනිස්සු හදාගත්ත දේවල්නේද?

:       373       71

sahanFriday, 17 November 2017 01:30 PM

දහම් ඒ වෙලාවේ කොඩියේ ප්‍රශ්නේ ඇතිවුණේ වහල් හිමියන්ගේ වහල්ලු ඇතිනේ.. ඒක නිසා ඒක කමක් නැහැ... එහෙම නේද?

:       59       0

සමන් - ඕමානයFriday, 17 November 2017 04:12 PM

"ඔය ජාතික කොඩිය, බෞද්ධ කොඩිය, ධර්ම චක්‍රය, මේවා ඔක්කොම මිනිස්සු හදාගත්ත දේවල්නේද?" - මට හිතෙන්නේ මේ වගේ කතා කියන ටාර්සන් නම් මිනිහෙක් නෙවෙයි නියම බූරුවෙක් කියලා. ඕනෑම රටක, ඕනෑම ජාතියක, ඕනෑම ආගමක සංකේත සාදාගන්නේ මිනිස්සු බව නොදන්නේ මේ වගේ සත්තු විතරයි. ඕක නිකම් සමච්චලේට අහන්නේ සිංහල බෞද්ධයින්ට ගරහන්න නේද? ටාර්සන් නමට ඔබින අන්දමටම උඩුබුරලන බවයි පෙනෙන්නේ.

:       120       218

SampathFriday, 17 November 2017 10:36 AM

ඔබතුමා මේකට මොකද කියන්නේ?

:       0       0

ගයාන් Friday, 17 November 2017 11:13 AM

ආ ටාර්සන් බාප්පේ. කාලෙකට පස්සේ. මොකෝ එක පාරට වුනේ... එල්ලිලා යන වැල කඩාගෙන බිම වැටිලා පස්ස බිම ඇනිලා මොලේ හෙල්ලුනා වත්ද?

:       4       142

bamunuarachchiFriday, 17 November 2017 02:50 PM

මිනිසුන්ගේ පැවැත්ම සඳහා කරන ඒවා මිනිස්සු හදා ගත්ත දේවල් තමයි... ඕවා කොහොමද ටාසන්ලා දන්නේ? ටාසන් ඉන්නේ කැලේ සත්තුත් එක්කයි...

:       0       80

nuwanSaturday, 18 November 2017 06:11 AM

ටාසන් ලොක්කා කරුණාකරලා ලංකාවෙන් යන්න. ඔහේ වගේ අය මේ සිංහල රටට ඕනේ නැහැ !

:       9       53

sisira Friday, 17 November 2017 09:45 AM

වෙනම රාජ්‍යයක සිහින දකිමින් ඉන්න අයට මේ රටේ ජාතික කොඩියට ගරුකරන්න බැහැ. අපේ දේශපාලකයින්ට මේක තේරෙන්නේ නැහැ. සමහරවිට තේරුම් ගන්න වුවමනා නැහැ. හේතුව දේශපාලන වාසි තකා මේ අනුව තවත් බලය බෙදුමක් විය හැකි විනාශය අප තේරුම් ගත යුතුය.

:       1       569

hira Friday, 17 November 2017 10:04 AM

ටාසන්, ඔයා කැලේට වෙලා රිලවු එක්ක ඉන්න. ගොන් කතා කියන්නේ නැතුව.

:       102       722

darshanaFriday, 17 November 2017 10:32 AM

නැහැ නැහැ ටාසන්, කියන්නේ සම්පුර්ණ ඇත්ත... අපේ ජාතික කොඩියේ අන්‍යාගමිකයින් සහ සුළු ජාතීන් නියෝජනය කරන තැඹිලි පාට සහ කොළ පාට ගලවපු විකෘති ජාතික කොඩි වලට සම්පුර්ණ අනුබල දෙන්නේ මහා ලොකුවට ජාතිය ගැන කතා කරන උන්වහන්සේලාම තමයි. ජාතික කොඩිය ඉස්සීම ප්‍රතික්ෂේප කිරීම එක කතාවක් නමුත් විකෘති ජාතික කොඩි අරගෙන එයට ප්‍රසිද්ධියේ අවමන් කිරීමේ වගකීම උන්වහෙන්සේලා භාර ගත යුතුයි.

:       2066       1180

bamunuarachchiFriday, 17 November 2017 02:57 PM

දන්න ඉටිගෙඩියක් කතා කරන්න හලෝ. සිංහයා ජාතික කොඩියට ආපු දවසේ මේකේ සුළු ජාතිකයින් හිටියේ නැත. පස්සේ ආපු ආණ්ඩු තමයි සුළු ජාතිකයින්ටයි සුළු ආගම්වලටයි පටි දෙකක් දීලා අපේ පැරණි සිංහ කොඩිය විකෘති කලේ. ඊයේ, පෙරේදා ඉපදුණු මේ ගොල්ලෝ සිංහල ජාතිය ගැන අපට කියලා දෙන්න එනවා.

:       106       337

ranga Friday, 17 November 2017 10:22 AM

වර්ධරාජට ප්‍රේමදාස ජනාධිපතිතුමා දුන්නු උත්තරේ විග්නේශ්වරන්ටත් දෙන්න කොන්ද පණ ඇති කෙනෙක් නැහැ නේ.

:       1       288

perakumFriday, 17 November 2017 02:25 PM

රංග පණ තියෙන්න කොන්දක් තියෙන්න එපැයි ...!

:       0       37

bamunuarachchiFriday, 17 November 2017 03:17 PM

මේ 62 බලයට පත් කලේ කොන්ද පණ ඇති හොරු ටිකක්. ගොඨාභය මහතාට හිනා ඇති. මේ අය බලයෙන් විසිවෙන විට සිංහලයා නිවට නියාලු ජාතියක් කරලා තමයි. ඒ අයත් නැතිවෙන්නේ. මම උතුරේ හමුදාවේ ඉන්නවා නම් විග්නේශ්වරන්ගේ නළලේ රයිෆල් මොට්ටුවක් තියලා මමත් වෙඩිතියා ගන්නවා.

:       84       276

aseSaturday, 18 November 2017 07:23 AM

එ්කට උතුරේ ආමි එකේ ඉන්න ඕන නෑ. දැන් වුණත් ගිහින් කරන්න පුළුවන්, හරි එහෙනම් කරලා පෙන්නන්නකෝ. අපි ස්මාරකයක් හදන්නම් ඔබ කවදාවත් යුද පෙරමුණේ ඉඳලා තියෙනවද? නැත්නම් දැකලවත් තියනවද? අපේ නැති වුණු වීරයින්ටත් නිගා වෙන දේ දාන්න එපා..

:       1       22

Nandalal DE SILVA - France Friday, 17 November 2017 10:37 AM

ඔබ වහන්සේගේ මතයට සිංහල බෞද්ධයෙක් හැටියට මා තරයේ එකඟ වෙනවා. පාසල් සිසුන් ඉදිරිපිට දී "පළාත් අධ්‍යාපන ඇමැතිවරයකු හැටියට" මොහු කල මේ ප්‍රකාශය ඉතාම නින්දිතයි. ජාතිවාදී අදහස් වපුරන මෙවැනි අය සිය ආත්මාර්ථකාමී ප්‍රකාශ පාසල් දරු දැරියන් ඉදිරියේ කරන්නේ එමගින් ඔවුන්ගේ මනස අවුල් කිරීමට බව මනාවට පැහැදිලි වෙනවා....

:       8       273

prakaash Friday, 17 November 2017 11:47 AM

ජාතික කොඩියේ වටිනාකම පින්ගුත්තරයින්ට දැනෙන්නේ නැහැ. ජඩ පාලකයින් ඉන්නකම් ඔහොම තමයි.

:       0       194

ලුම්බිණි Friday, 17 November 2017 11:52 AM

මීට වඩා මුළු රටටම නිගා වෙන විදියේ වැඩ අපේ මැති ඇමතිලා කරන අවස්ථා මොන තරම් තියෙනවද හාමුදුරුවනේ? හාමුදුරුවරුම බුදු දහමට නිගරු දෙන දේවල් කරන වෙලාවල් කොච්චර තියෙනවද? කෝ මොන හාමුදුරුකෙනෙක් වත් මේකට මොනවාවත් කියනවද?

:       275       216

Bamunuarachchi Friday, 17 November 2017 03:07 PM

හාමුදුරුවනේ අපේ අයට වෙලා තිබෙන නස්පැත්තිය තමයි කෙනෙක් යම්දෙයක් කී විට කියපුදේ ගැන නොවෙයි කතා කරන්නේ අදහස දීපු කෙනාගේ පැටිකිරියයි. ඉංග්‍රීසියෙන් මේකට හොඳ කතාවක් තිබෙනවා. හාමුදුරුවන්ගේ දෙයක් හොයන්න යන්න එපා "උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය" කතාව ඇත්තනේ සිරිසේනට ඡන්දය දීපු 62 ට මහින්ද මහතා පමණක් නොව තම ජාතිය ජන්මය ඔක්කොම අමතක වුණා. දැන් දෙමළා අපේ ජාතික කොඩියන් පස්ස පිහිදුවත් මේ අයට කමක් නැත. මොකද මේ අයට අපේ රට ගැන හැඟීමක් එන කිසිම දෙයක් ගිය පාසලක උගන්වා නැත.

:       20       322

dhamneth Friday, 17 November 2017 03:57 PM

විදුහලේ ප්‍රධානියා එහෙම නැත්නම් නායකයා විදුහල්පතිවරයායි. එ්නිසා මීට පසු පාසලක ජාතික කොඩිය ඔසවන සෑමවිටම ජාතික කොඩිය එසවීම විදුහල්පතිවරයා විසින් කලයුතුයි. ඔය දේශපාලකයෝ ඊළඟ මැතිවරණයෙන් දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. අනික කට තිබුණට සමහර ඇමතිලාට ඕ ලෙවල් වත් නැහැ.

:       0       149

CHANDA Friday, 17 November 2017 08:10 PM

මේ කොමෙන්ට් තීරුවේ කිහිපදෙනෙක් වැරදියට අර්ථකතන දක්වමින් කරන සිංහල බොදු විරෝධී ප්‍රකාශන පිළිකුලෙන් හෙලා දකිමි.

:       0       4

emerson Saturday, 18 November 2017 03:39 PM

නුවන්ට, ටාසන්ට යන්න කියන්න එපා... දෙහිවල සත්තු වත්තට දැම්මොත් අදායම ඉහල යයි.

:       0       5

vipula Saturday, 18 November 2017 05:05 PM

රටේ ජාතික කොඩියට නිගා කරනවා නම් රටින් පිටුවහල් කරන්න තරම් වරදක්... නමුත් අපි ඡන්දෙ දුන්නු කිසිම දේශපාලකයෙක් කතාකරන්නේ නැහැ නේ....

:       0       0

gamaati Sunday, 19 November 2017 07:04 AM

මේවට විරෝධය දැක්වීමෙන් පලක් නැත. මෙය නීතිවිරෝධී ක්‍රියාවක් නම් යම් පුද්ගලයෙක් ඉදිරිපත්වී නඩුවක් ගොනුකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 133 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 176 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 210 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 398 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1896 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 279 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site