IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ඉඩෝරය කොතරම් දරුණු වූවත් විදුලිය කප්පාදුවක් නැහැ‘

(මුදිතා දයානන්ද )
ඉඩෝරය කෙතරම් දරුණු වුවත් විදුලිය කප්පාදු කර ජන ජීවිතය අඩාල කරන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පැවසීය.
 

ඔහු මේ බව පැවසූයේ ශ‍්‍රි ලංකා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
 
මේ දිනවල පවතින දැඩි ඉඩෝර තත්ත්වය හමුවේ විදුලිය නිෂ්පාදනය අඩුවිය හැකි බැවින් විදුලි අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමරවිර මහතා පැවසීය. විදුලි කප්පාදුවක් කළහොත් කර්මාන්ත ක්ෂේත‍්‍රය, සංචාරක ක්ෂේත‍්‍රය මෙන්ම සියලූ ආයතන අකර්මන්‍ය විමෙන් තවත් පාඩුවක් සිදුවනු ඇති බවද ඒ නිසා කෙතරම් දුෂ්කර තත්ත්වයක් ඇති වුවද කිසි සේත්ම විදුලි කප්පාදුවක් සිදුකිරිමට බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසීය.
ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා විදුලි බලාගාර කීපයක් ඉදිරියේදි ආරම්භ කරන බවද මහමැතිවරණයට පෙර ඒ සඳහා මුලික පියවරයන්ට හෝ එළැඹිය හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. විදුලි බල මණ්ඩලය දැනට තිබෙන තත්ත්වය තුළ බිලියන සීයත් එකසිය විස්සත් අතර පාඩු ලබන්න ඉඩ ඇති අතර 2023 වන විට එය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද අමාත්‍යරවයා පැවසීය. විදුලිබල මණ්ඩලය හෝ වෙනත් ආයතනයක් හෝ පාඩු ලබන්නේ කළමණාකරනයේ පවතින අඩුපාඩු නිසා බවද ඔහු පැවසීය.
 
තමන් ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේදි පාඩු ලබමින් තිබු ධීවර සංස්ථාව වසර හතරකදී ලාබ ලබන් ආයතනයක් බවට පත්කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (11)

‘ඉඩෝරය කොතරම් දරුණු වූවත් විදුලිය කප්පාදුවක් නැහැ‘

eresh S kumara Thursday, 13 February 2020 10:59 AM

සුනිත්‍ය බල අධිකාරිය මගින් සූර්ය පැනල සහ සුළං බලයෙන් ක්‍රියාකරන විදුලි උත්පාදන ක්‍රමවලට ප්‍රමුඛත්වය දෙනවා නම් කිසි ගැටළුවක් වෙන්නේ නෑ.

:       0       30

Nishan Thursday, 13 February 2020 11:06 AM

ඔබතුමාගේ ගෙදරට නම් විදුලිය ඇති එත් අපිට නම් කපනවා. ගම්වල දවසට පැය 2 ගානේ කපනවා. පොඩ්ඩක් එලියට බැහැලා හොයලා බලන්න අවංකවම දන්නේ නැත්නම්.

:       0       31

මාර්තු දෙකෙන් පස්සේ Thursday, 13 February 2020 11:35 AM

මාර්තු 2 වෙනකන් විතරයිද දන්නේ නැහැ... අනිත් ඒවා වගේම.... ඡන්දෙන් පස්සේ හම්බවෙයි ඇරියස් එක්ක...

:       1       30

sharm warn Thursday, 13 February 2020 11:42 AM

මුළු ලෝකෙම විකල්ප බල ශක්ති ප්‍රභවවලට යොමු වෙනකොට ලංකාවේ ඉන්න බලශක්ති ඇමති හැමදාම තමන්ගේ ගෝලබාලයින්ව සතුටු කරන්න පාරිභෝගිකයින්ව පුද්ගලික බලාගාරවලට උගස් තිබ්බා.. මෙයාලා විදුලිය කපන්නේ නැහැ විදුලි බිල වැඩි කරන්නේ නැහැ වතුර කපන්නේ නැහැ වගේ "නැහැ" කතා කිව්වම අපිට නම් තරු පෙනෙන්න ගන්නවා මොකද කියපු කට වහන්නත් කලින් නැහැ.. කියපු දේවල් ඔව් වෙලා තියෙනවනේ ඇති පදමට..

:       0       58

jagathwana Thursday, 13 February 2020 12:26 PM

ඡන්දෙ වෙනකම් විතරයි පුතෝ...

:       0       55

විපරමා Thursday, 13 February 2020 12:58 PM

මෙයා මොනවා හරි කිව්වා නම් ආයේ අහන්ඩ දෙයක් නැහැ? අපි නොදන්නා දේශපාලුවන්?

:       0       72

අලුත්225ක් තෝරමු Thursday, 13 February 2020 02:39 PM

ඔව් ඔව් දැන්නම් ඇමැතිතුමාලා හරිම කරුණාවන්තයි... ඡන්දෙන් පස්සේ හම්බවෙයි හොම්බෙන් යන්න.

:       0       90

Nandalal DE SILVA - France Thursday, 13 February 2020 05:40 PM

ජල විදුලි බලාගාරවලට ජලය සපයන ජලාශ වාන් දමන සමයක මේ වගේ කතා කියන ඇමතිවරයාගේ මොළය (එහෙම එකක් ඔහුට තිබේ නම් ) පරික්ෂා කරවා ගත්තොත් නරකද ? මෙයා කියන ඉඩෝරය එන්නේ කවදාද ? මේ පුද්ගලයා ගඟ හත් ගවුවක් තිය අමුඩ ගහන හේතුව දැනගැනීමට උපාධි, ආචාර්ය පට්ටම් අවශ්‍ය නැත. විදුලි බිල අහස උසට යැවීමට යෝශිතගේ රොකට් අනවශ්‍යයි !

:       0       0

Amula Thursday, 13 February 2020 07:04 PM

මටනම් මේ මිනිස්සු කියන දේවල් ගැන විස්වාසයක් නැහැ.

:       0       1

lalithm Friday, 14 February 2020 02:48 AM

ඉස්සර චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ මෙහෙම දෙයක් කරා මතකද. දවසේ පැය 4-5 විදුලි කප්පාදුව. ඉන් පස්සේ 2001-2004 ආණ්ඩුවේ හිටපු ඇමති කරු ජයසුරිය මහත්තයට කළු ජයසුරිය කියලා නමක් දමලා තිබුනේ. කොහොම නමුත් මේ ඇමතිවරු ඉන්නේ විදුලි කපන්නේ නැහැ කියන්න නොවෙයි. නිහඬව කප්පාදුවකින් තොරව පවත්වාගෙන යන්නයි. කැපීමක් වුනොත් නිවැරදි කිරීමත් කරුණු කියා කරන්න දෙයක් නොවෙයි. ඒකට තමයි විෂය භාර ඇමති කෙනෙක් ඉන්නේ. කියවන එකෙන් තේරෙන්නේ වැඩේ කරන්න අසමත් කියන දෙය නොවේද?

:       0       71

Sam Friday, 14 February 2020 04:42 AM

ඡන්දෙ ලගයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 21 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 821 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1512 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1724 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 918 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 858 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site