IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇල්ල ප්‍රා.සභාපතිට ඇප

(ඩි.කේ.රත්න)
 
ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරිවරයාට පහරදී පොලීසියට කට්ටි පනිමින් සැඟවී සිටි ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්.අමිල බස්නායක මහතා අද (10)  ඇල්ල පොලීසියට බාරවීමෙන් පසු බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් රුවන් බස්නායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10 ක  බැගින්  වු ශරීර ඇප තුනක් මත  මුදා හැරීමට නියෝග කළේය.
 
  සෑම මසකම අවසන් ඉරුදින ඇල්ල පොලීසියේ පෙනී සිටින ලෙසටත් මහේත‍්‍රාත්වරයා නියෝග කළේය.
 
ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරි කේ.ඒ.ඉන්දික සෙනවිරත්න මහතාට පහරදීම නිසා ඒ මහතා අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලැබීය.
 
ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයට ගොස් එහි ස්ථානභාර නිළධාරිවරයාගෙන් තොරතුරු මධ්‍යස්ථානයට යාබදව පිහිටි කාමරයේ යතුර ඉල්ලා සියදී එම යතුරු නොමති බව පැවසීම නිසා මෙම පහරදීම සිදු කර තිබේ.
 
 
ඇල්ල පොලිස් සථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ.අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලීසියේ නිළධාරීහු පිරිසක් විසින් මෙම සභාපතිවරයා මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.



අදහස් (3)

ඇල්ල ප්‍රා.සභාපතිට ඇප

Kasun Sunday, 10 February 2019 09:14 AM

මෙවැනි අය පත්කරන ජනතාවට මාගෙ ප්‍රනාමය

:       0       67

Chanak los angelesSunday, 10 February 2019 05:10 PM

කසුන් ජනතාවගේ වැරැද්ද නොවෙයි. පුද්ගලයාගේ යුක්තිගරුක නීතිගරුක භාවය නොමැතිකමයි.. එලෙසම ඒවා මොනවාදැයි කියා බුද්ධියක් නොමැතිකමයි.. එවන් කෙනෙකුට අනිසි බලයක් ලැබුණු විට ඔහුගෙන් සිදුවෙන්නේ අනිසි ක්‍රියාවන්මයි.

:       0       0

Hafeel Sunday, 10 February 2019 04:24 PM

ඊළඟ මහ මැතිවරණයට දැනටමත් අවශ්‍ය සුදුසුකම් ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 130 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 439 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 345 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 265 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 671 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1348 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site