IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආදිවාසීන්ගේ වගකීම ගන්න අමාත්‍යංශයක් ඉල්ලයි

(පාලිත ආරියවංශ)

ආදිවාසින්ගේ වගකීම රජයේ අමාත්‍යංශයකට බාරදිය යුතු බව ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි.

ශ්‍රී ලංකාවේ ආදිවාසින් වෙන රටවල ආදිවාසින් මෙන් ජාත්‍යන්තර සංවිධාන හරහා රජයන් අපහසුතාවට පත් කිරිමට කටයුතු නොකරන බවත් රජය මේ බව තේරුම්ගෙන එලෙස කටයුතු කළ යුතු බවද වන්නිලැ අත්තෝ පැවසීය.

මහියංගනය දඹාන මොරබැද්දේදි පැවැති ආදිවාසි දින සැමරුම් උත්සවයක් අමතමින් ආදි වාසි නායකයා මේ බව කීය.

“ජාතික භාෂා අමාත්‍යාංශයට  වගකීමක් තියෙනවා ආදිවාසි භාෂාවත් ආරක්ෂා කරන්න. අද මේ රටේ  විවිධ අමාත්‍යාංශ  තිබුණත් ආදිවාසීන්ගේ වගකීම් බාරගන්න අමාත්‍යාංශයක් නැහැ .අපි ගැන කතා කරන්නේ අපි විතරයි .“

“අපි මීට  පෙර යොජනාවක් ගෙනාවා  ආදී වාසින්ගේ වගකීම බාරගන්න මොකක් හරි අමාත්‍යාංශයක් තියෙන්න ඕන කියලා .හැබැයි එවෙලේ මිනිස්සු සිතුවේ අපි පාර්ලිමේන්තුවට  යන්න යනවා කියලා .නැහැ නැහැ අපට පාර්ලිමේන්තුවට යන්න ඕන නැහැ හැබැයි මේ වගකීම ගන්න කවුරු හරි ඉන්න ඕන.“

“ආදිවාසින් කියන්නේ රටකට ආභරණයක් .අපි ඉල්ලීම් දිනාගන්න  පාරවල් වහලා  ආණ්ඩුවෙන් ජල ප්‍රහාර කන්න උද්ඝෝෂණ කරන්නේ නැහැ .  තුවක්කු ,කඩු,කිනිසි වගේ ආයුධ ගන්නෙත් නැහැ .ඒ නිසා රජයේ වගකීම අපේ රැහේ ඉල්ලීම් ඉටු කරන එකයි .අපිට විතරක් මේ අඩු සැලකිල්ල ඇයි කියලා අපට හිතාගන්න බැහැ “යැයිද ආදිවාසි නායකයා ප්‍රකාශ කළේය.
 



අදහස් (6)

ආදිවාසීන්ගේ වගකීම ගන්න අමාත්‍යංශයක් ඉල්ලයි

Perakum Wednesday, 09 August 2017 01:55 PM

ඉතා සාධාරණ ඉල්ලීමක් බොහෝ කලකට ඉහත කළයුතුව තිබුණු දෙයක් තවත් පිළිකාවක් වෙන්නට පෙර ඉටු කරන්න.

:       0       552

Rocky Wednesday, 09 August 2017 02:06 PM

සියලු දෙනාම මුස්ලිම් ආගමට හරවා අර වනන්තර හෙළි කරන ඇමතිට බාර දුන්නොත් ගෙවලුත් හදලා දේවි!

:       0       31

vidya Wednesday, 09 August 2017 04:09 PM

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ කියන්නේ ඉතාම අවංක, හොඳ ගතිගුණ තියෙන පිරිසිදු මිනිසෙක්. මට හමුවෙලා තියනවා කීප වතාවක්. බුදු රජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩිය වෙලාවේ දන් පුජකලේ මෙතුමා රැකගෙන යන පරපුර. මෙතුමා කියන දෙය ඇසිය යුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 09 August 2017 04:59 PM

මේවා කල යුත්තේ සැලසුම් සහ ප්‍රතිපත්ති සම්පාදනයෙන් මිසක් වෙනම අමාත්‍යංශ දාලා නෙවෙයි. උදා: බෞද්ධ කටයුතු අමාත්‍යාංශය. හැබැයි මේ අයගේ අයිතීන් රැකිය යුත්තේ ඩබල් කැබ් වැනි දීමනා වලින් නම් නොවේ. ඔවුන්ගේ කැලේ ඔවුන්ට දීලා පිටතින් එය මුර කරන්න බාහිර විෂබීජ ඇතුල් නොවන ලෙස.... ඔවුන්ව බලන්න යන අයත් සීමා කරන්න.

:       0       0

Thilanka Siriwardana Wednesday, 09 August 2017 10:56 PM

අනිවාර්ය ලෙසම ඔවුන්ට හිමි අයිතීන් ලබා දිය යුතුයි.

:       0       1

pitigala Thursday, 10 August 2017 02:31 AM

ආදී වාසී භාෂාව දැන් නවීකරණය වෙලා. සිංහල වචනෙට පස්සේ පොජ්ජ කියල එකතු වුණාම එ්ක තමයි දැන් තියෙන ආදිවාසී භාෂාව. දඩයම් පොජ්ජ, නිවාස පොජ්ජ, මොබයිල් ෆෝන් පොජ්ජ, ඉස්කෝල පොජ්ජ. කොම්පියුටර් පොජ්ජ ඔය වගේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 127 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 436 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 342 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 263 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 669 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1335 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site