(කේ.බුද්ධික කුමාරසිරි සහ එච් .එස්. ඒ නන්දන)
පාදුක්ක නගරයේ පිහිටි රන් භාණ්ඩ විකිණීමේ නිරත වෙළඳසලකින් රුපියල් හත් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් සිටි ‘‘ආටිගල මැක්කා’’ නැමැති 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙහෙය වූ බව කියන ‘‘හතරේ කල්ලිය’’ නමැති තරුණයින් සිව් දෙනෙකු අද (16) හංවැල්ල ආටිගල ප‍්‍රදේශයේ නිවසකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
පාදුක්ක නගරයේ පිහිටි මෙම රන් භාණ්ඩ වෙළඳසලට ඉකුත් ජනවාරි මස 30 වැනිදා පැමිණ ඇති මෙම සැකකරුවන් එහි හිමිකරුට තර්ජනය කර බිය වද්දා වෙළඳසලෙහි තිබූ රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය බව වෙළඳසලෙහි හිමිකරු විසින් පාදුක්ක පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල ආටිගල ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18, 20, 24 සහ 34 යන වයස්වල තරුණයින් බවත් මෙයින් 34 හැවිරිදි පුද්ගලයා පමණක් විවාහකයෙකු වන බවත් අනෙක් පුද්ගලයින් අවිවාහකයින් බවත් පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් පුද්ගලයින්ට තර්ජනය කිරීම් පහර දීම් ආදී කටයුතුවල නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද මෙම රන් භාණ්ඩ කොල්ල කෑම පිටුපස වෙනත් කරුණක් සැඟවී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.
කොල්ල කෑමට අදාල දර්ශන වෙළඳසලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ බවත් එම දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන අත් අඩංගුවට ගැනීම සිදු කළ බවද පොලිසිය පවසයි. අත් අඩංගුවේ පසුවන සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ආටිගල මැක්කා‘ ඇතුළු 4ක් දැලේ
channa Friday, 16 March 2018 06:58 AM
චන්ඩි එපා......සැඟවුණු ආයුධ පෙන්න්න කියයි...............
naradha Friday, 16 March 2018 10:34 AM
කිසිම සාධාරණ රැකියාවක් නොකර, අනුන්ගේ දේ බලෙන් කොල්ලකාගෙන ජීවත් වෙන කොටසක්. අද බොහෝ කුඩු ජාවාරම්, කප්පම් කල්ලි පිටිපස සිටින්නේ මේ අයයි. මෙවැනි අය සමාජයෙන් තුරන් කිරීම සුදු වෑන් තිබුනට කමක් නැහැ.