IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අලුත් කැබිනට්ටුවක් හදන්න චම්පිකගෙන් යෝජනා තුනක්

අජන්ත කුමාර අගලකඩ
 
විශ්වාස භංග යෝජනාවෙන් පසුව ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ කළ යුත්තේ කැබිනට් සංශෝධනයක් නොව අලුතින්ම කැබිනට් මණ්ඩලයක් පත් කිරීම යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (10) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
 
ඒ සඳහා විකල්ප යෝජනා තුනක්ද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව වාර්තාවේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 42 දෙනා සහ එජාප මන්ත්‍රීවරුන් 106 දෙනා එක්ව ආණ්ඩුව පිහිටුවන්නේ නම් නව දේශපාලන ගිවිසුමක් හා ආණ්ඩුකරන වැඩ පිළිවෙළක් යටතේ අලුතින් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම එක් විකල්ප යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත. විශ්වාස භංගයට සහාය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් හය දෙනා ඉවත් වන්නේ නම් ඉතිරි 26 දෙනා එජාපය සමඟ එක්ව ආණ්ඩුව පිහිටුවා අලුතින් කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බවට දෙවන විකල්පය යෝජනා කර ඇතැයි වාර්තාවේ.
 
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉව් වන්නේ නම් එජාපයෙන් මන්ත්‍රීවරුන් 106 දෙනාට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදී ඇමැති මණ්ඩලය 30කට සීමා කළ යුතු යැයි ද රණවක මහතා යෝජනා කර ඇත.



අදහස් (9)

අලුත් කැබිනට්ටුවක් හදන්න චම්පිකගෙන් යෝජනා තුනක්

සතයපාල Wednesday, 11 April 2018 02:28 AM

අලුත් යෝජනා නොවෙයිනේ මෙතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්වලය තුල නිර්මාණය වෙලා තිබෙන අර්බුදය නිරාකරණය ගැනීමට හැකිවේ යයී අනුමාණ කරන විකල්ප වැඩ පිලිවෙලයන් වන අතර දැනටමත් මෙයින් දෙකක් පිලිබදව සාකච්ඡා වෙමින් පවතින බවයි ආරංචී.

:       0       0

wijenanda Wednesday, 11 April 2018 02:33 AM

මේක ඉතින් අලුත් යෝජනාවක් නොවෙයි. වෙන්න පුළුවන් විදිහ..

:       0       0

මල්ලි Wednesday, 11 April 2018 03:42 AM

චම්පික හරි...

:       0       0

sisira Wednesday, 11 April 2018 04:13 AM

මට මේවට හිනා

:       0       3

ගලබොඩ අත්තේ චමින්ද Wednesday, 11 April 2018 07:47 AM

ඇමතිලා තෝරාගැනීමේදී නිවැරදි ක්‍රමවේදයක් සකස් කල යුතුයි. අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම විශේෂයි. ඒ වගේම ආණ්ඩු මාරුවෙද්දී ප්‍රතිපත්ති වෙනස් නොවී සියලු දෙනා එකතු වී ජාතික ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. එසේ වුනානම් නිදහස ලබලා මේ වන විට ශ්‍රීලංකාව මොන තරම් ඉහල තැනක තියේවිද?. දැන් නම් මේවා දවල් හීන.

:       0       3

ROHAN DAYADARA paris Wednesday, 11 April 2018 08:52 AM

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්වන්නේ නම් එජාපයෙන් මන්ත්‍රීවරුන් 106දෙනාට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදී ඇමැති මණ්ඩලය 30කට සීමා කළ යුතු යැයිද රණවක මහතා යෝජනා කර ඇත.. මම හිතනවා චම්පික ඇමැතිතුමාගේ මේ යෝජනාව ඉතාම සුදුසු කාලෝචිත පාර්ලිමේන්තුවේ 122 කගේ බහුතර මතය වේ.

:       33       4

rama Wednesday, 11 April 2018 09:01 AM

තුන්වෙනි යෝජනාව නම් හොඳයි... රට දියුණු කරන්න පුළුවන් නිසා..

:       34       4

RNG Wednesday, 11 April 2018 11:31 AM

ඒක නම් කොහොමවත් වෙන්නෙ නැති දෙයක්. ඉර හඳ වගේ විශ්වාසයි.

:       0       12

Dasa Wednesday, 11 April 2018 11:57 AM

ඇමති මණ්ඩලය 30 නෙමේ හරියට වැඩක් කරන්න පුළුවන් 15 කට බාර දුන්නත් මේ රට දියුණු කල හැකිය.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 11 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 736 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1354 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1561 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 855 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 803 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site