IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අ‘පුර රෝහලෙන් විශ්මිත සැත්කමක්

(දයාරත්න ඇඹෝගම)

අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමිවු පුද්ගලයෙකුට මොළය මියගිය රෝගියෙකුගේ වම් පාදය සාර්ථකව බද්ධ කිරිමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්වූ බව අද(26) රෝහලේ පැවති මාධ්‍ය හමුවකදි වෛද්‍යවරු පැවසුහ.

ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ දී තවත් පුද්ගලයකුගේ පාදයක් වෙනත් රෝගියෙකුට බද්ධ කළ ප‍්‍රථම අවස්ථාව  මෙය බව ද වෛද්‍යවරු කියති.

මිට පෙර මෙවන් සැත්කම් සිදුකර ඇත්තේ කැනඩාව ස්පාඤ්ඤය සහ තුර්කිය යන රටවල පමණි.

ඒ අනුව ලංකාව මෙවන් සැත්කමක් සිදුකළ ලෝකයේ රටවල් අතරින් සිවුවැනි ස්ථානය ගන්නා අතර ලෝකයේ මේ අකාරයෙන් සිදුකළ පස්වන සැත්කම මෙය බවද වෛද්‍යවරු පැවසුහ. රෝගියාට බද්ධ කිරීම සඳහා මෙම පාදය ලබාගෙන ඇත්තේ කැබිතිගොල්ලැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 52 දෙහැවිරිදි මොළේ මියගිය පුද්ගලයෙකු ගෙනි. ඔහුගේ වකුගඩු දෙකද ලබාගත් වෛද්‍යවරු ඒවා නුවර ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට බද්ධ කොට ඇත.

සැත්කම සදහා පැය 11කට අධික කාලයක් ගතව තිබිණි.



අදහස් (7)

අ‘පුර රෝහලෙන් විශ්මිත සැත්කමක්

ranjani Wednesday, 26 July 2017 02:18 PM

මේකත් ඒකටම හොඳයි...

:       7       23

ධම්ම Wednesday, 26 July 2017 02:48 PM

හොඳ වැඩක්. ඒත් දැන් දිගට හරහට මොළේ මැරෙන්න පටන්ගනීද දන්නෑ. එහෙව් රටක් මේක.

:       378       248

mangala welarathna Thursday, 27 July 2017 01:51 AM

මොලය නැති ධම්ම වැදගත් වැඩවලට අපහස කරන්න එපා

:       116       245

suran Thursday, 27 July 2017 02:30 AM

මොලය මියගිය දේශපාලකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා . ඒ අයගේ ශරීරයේ කොටස් අරගෙන අසරණ මිනිසුන්ට පිහිටක් වෙන්න පුලුවන්නම් ලොකු දෙයක්

:       2       532

shyamali Thursday, 27 July 2017 03:10 AM

දැන් ඉන්න උන්ගේ නම් කොහොමත් මොලේ මැරිලා, ඒකනේ හැම එකාම බෝර්ඩ් අරන් පාරට දුවන්නේ, එත් මෙහෙම වෛද්‍යවරු නම් අගය කල යුතුයි, මිනිසුන් 3ගෙ ජිවිත බේරලා,අපේ රට ජාත්‍යන්තරයට ගෙනියපු එකට

:       158       321

nisha Thursday, 27 July 2017 09:54 AM

දිගටම මේ වගේ අය බිහිකරන්න තමයි බෝර්ඩ් අරන් පාරට දුවන්නේ...

:       169       127

නිපුනFriday, 28 July 2017 08:11 AM

මේවා කරේ හොර පාරෙන් ඇවිල්ලා නෙවෙයි. ඒ හරි පාර වැහෙන එකට විරුද්දව තමා සටන් කරන්නේ

:       95       64

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 15 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 172 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1540 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 234 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 444 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site