IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ප්‍රතිභා 2023 තරගාවලියේ ජය

(යොහාන් භාසුර)

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 තරගාවලියේ සමස්ත සම ශූරතාව සන්දිලිප්පායි සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථාන දිනාගැනීමට සමත් විය.

එම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි.

සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමේ අරමුණින් දැයේ දූ දරුවන් සෞන්දර්ය අධ්‍යාපනය සඳහා නැඹුරු කිරීමට, සංවේදී සුචරිතවත් අනාගත පරපුරක් බිහි කිරීමට සහ ඔවුන්ගේ කලා කුසලතා වර්ධනය කරවීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම තරගාවලිය සහ සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.

සිංහල සහ දමිළ ද්වීභාෂාවන්ගෙන් සංගීත, නර්තන, නාට්‍ය සහ චිත්‍ර ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජයග්‍රහණ ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙහිදී සම්මාන ප්‍රදානය කළේය.

එමෙන්ම මෙහිදී විවිධ තරග කාණ්ඩ ඔස්සේ ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජුරියේ සම්මාන, කුසලතා සම්මාන සහ සහතිකපත් ද ප්‍රදානය කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ සංස්කෘතික ප්‍රවර්ධන ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදීන් වන එල්.එස්. මොහාන් රාජ්, කලෙයි චෙල්වම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (0)

ප්‍රතිභා 2023 තරගාවලියේ ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1162 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site