(අංජුල මහික වීරරත්න)
මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බීජිං නුවරදී පැවැත්වුණු අවස්ථාවේදී චීන උප අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බව පැවසූ චීන උප අගමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවයි.බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කල්පිටිය පුලච්චේන මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුවකු හදිසියෙ අසනිපව මාන්පුරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙදි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පැවසිය.
මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංක
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේග
පිස්තෝලයක් පෙන්වා තිදෙනකුට පහරදි තර්ජනය කිරිමක් සම්බන්දයෙන් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු අද (28) අත් අඩංගුවට ගත් බව වෙන
ආණමඩුව කිවුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කල 17 දෙනෙකු වෛද්‍ය පරික්ෂණ සදහා හලාවත මහ රෝහලට 16 දින යොමු කල බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ස
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ චෝදනා පත‍්‍රයේ සිදුක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති චීන උප අගමැති හමු වෙයි