IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ චෝදනා පත‍්‍රයේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව එම අධිකරණයට ඉදිරි කාලයේදී දැනුම් දෙන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දුන්නේය.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවාන මහතා මේ බව අධිකරණය දැනුම් දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනා පෙත්සම දෙක අද (18) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
 
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.
 
මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියාසිටියේ චෝදනා පත‍්‍රය තුළ කුමන්ත‍්‍රණ චෝදනා දෙකක් පමණක් අන්තර්ගත කර තිබෙන බවත්, එය නීතිවිරෝධී තත්ත්වයක් බවත්ය.
 
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ එවැනි සංශෝධන ඇත්නම් ඒ පිළිබඳ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙන බවය.
 
එහිදී අදහස් දැක්වූ විනිසුරු සිසිර ද ආබෲ මහතා කියාසිටියේ අපරාධ චෝදනාවක් පිළිබඳව නිරවුල් අවබෝධයක් විත්තිකරුවකුට තිබිය යුතු බවත්, එසේ නොවුණහොත් ගැටලූ සහගත තත්ත්වයක් ඇති වන බවයි.
 
දෙපාර්ශවයේ කරුණු දැක්වීම් වලින් පසු කරුණු තහවුරු කිරීම සඳහා මෙම අභියාචන පෙත්සම් ලබන 9 දා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
 
එහිදී පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
 

 



අදහස් (0)

ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

හැබෑටම

කල්පිටියේ පාසලක දරුවෙක් හදිසියේ මියගිහින්
2025 ජනවාරි මස 17 178 0

කල්පිටිය පුලච්චේන මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුවකු හදිසියෙ අසනිපව මාන්පුරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙදි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පැවසිය.


ජනපති චීන උප අගමැති හමු වෙයි
2023 ඔක්තෝබර් මස 19 71 0

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංක


මධුමාධව අත්අඩංගුවට
2023 ඔක්තෝබර් මස 16 202 2

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේග


වෙන්නප්පුව ප්‍රා.සබේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට
2020 මැයි මස 28 327 0

පිස්තෝලයක් පෙන්වා තිදෙනකුට පහරදි තර්ජනය කිරිමක් සම්බන්දයෙන් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු අද (28) අත් අඩංගුවට ගත් බව වෙන


කිවුල ආසාදිත කාන්තාව ඇසුරු කළ 17 ක් වෛද්‍ය පරීක්ෂණයට හලාවතට
2020 අප්‍රේල් මස 16 6027 0

ආණමඩුව කිවුල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කල 17 දෙනෙකු වෛද්‍ය පරික්ෂණ සදහා හලාවත මහ රෝහලට 16 දින යොමු කල බව ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ස


ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට
2019 ජුලි මස 18 485 0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ චෝදනා පත‍්‍රයේ සිදුක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 482 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site