මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වර මාධුර්යයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ අප හද තුළ චමත්කාර හැඟීම් උපදවයි.
සාවෙක් මම දුටිමි සයුරේ පීනනවා
ඌරෙක් මම දුටිමි අතු අග දලු කනවා
ගෝනෙක් මම දුටිමි වත්තක අල කනවා
හීනෙන් මම දුටිමි පිරිමින් කිළි වෙනවා සිංහල සාහිත්‍යයේ විකාරරූපී ප්‍රබන්ධ පමණක් නොව කවි,කෙටිකතා ද කිහිපයක් ම ඇත.යටකී ජන කවිය ද එබඳු විකාරරූපී අභව්‍ය නිර්මාණයකි.සම්භාව්‍ය සාහිත්‍යයේ ජාතක කතාවල ද විකාරරූපී, අභව්‍ය කතා පුවත්,චරිත අඩුවැඩි වශයෙන් ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.එහෙත් නවකතාවක,කෙටිකතාවක, කවියක මෙන් නොව ගීතයේදී රචකයා පවසන අදහස එසේත් නැති නම් සංකල්පය රසිකයාට, ශ්‍රාවකයාට ඒත්තු ගැන්විය යුතුය.නැත්නම් එබඳු ගීත විකාරරූපී නොව විකාර යැයි සිතා රසිකයා එය ප්‍රතිකේෂ්ප කළ හැකිය.එහෙත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් 1971 වර්ෂයේ දී ලියූ සකුරා මල් පිපිලා නමැති විකාරරූපී අභව්‍ය ගීතය එසේ රසික මනසින් ඈත් වූ ගීතයක් නොවෙි.මෙි වූකලි අතිශය චිත්තරූපික කාව්‍යෝතියෙන් පිරුණු රැඩිකල් විකාරරූපී ගීතයකි.මෙහි කිසිදු වන්ධ්‍ය හෝ ශුෂ්ක පද නොමැත.ගායකයකු හෝ ගායිකාවක නිතර ගායනා කළ යුත්තේ භාවික ගීතය.එනම් හැඟීමකින් රසික සිත්සතන් රංජනය කරන ගීතය.වාර්තික හා සූක්තික ගීත ගායනා නොකළ යුතුය.වාර්තික යනු ලෝ තතු වාර්තා කරන වාර්තාකාරී ස්වරූපයෙන් ලියැවුණු ගීතය.සූක්තික යනු උපදේශනාත්මක ගීතය.මෙබඳු ගී වන්ධ්‍ය ය.ශුෂ්ක ය.මෙනයින් යටකී දෙවර්ගයේ ගී ගැයීම කුලියට හැඬීමක් වැනිය.එහෙත් මහැදුරු සුනිලුන් ලියූ මෙිගීමිණ භාවික ගීතයකි.එය චිරාත් කාලයක් අප දෙසවනට මීබිඳු වෑස්සූ අනගි නිමැවුමකි.නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වර මාධුර්යය ද මියැසිය ද ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි.
මෙි ගීතයේ කථකාව තරුණියකි.ඇය එක්තරා රාත්‍රියක විකාරරූපී සිහිනයක් දකින්නීය.නිසල රාත්‍රියක කල්පනා යානයක නැගී ඇය යන ගමන චමත්කාරජනකය.අභව්‍ය සංසිද්ධි රැසකින් ගහන මෙි ගීමිණ කෙරෙන් මහැදුරු සුනිල් ආරියරත්නයෝ සිංහල ගී ආකෘතියේ එළිවැට බිඳිති.ඔවුහු සාම්ප්‍රදායික ගීත ආකෘතිය උඩුයටිකුරු කරති.
සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ
මෙි නම් කුමන අපභ්‍රංශයක් ද? අභව්‍ය සංසිද්ධියක් ද?විකාරරූපී සිහිනයක් ද?සකුරා මල යනු ජපානයේ ජාතික පුෂ්පය යි.ජපානයට අවෙිණික මලක් ලංකාවෙි සුපුෂ්පිත නොවෙි.මෙි ගීතයේ කථකාව තරුණියකි.ඇය දකින මෙි විකාරරූපී උමතු සිහිනය චමත්කාරය හෙවත් විස්මය දනවන්නකි.රචකයා ඇවැසි වී ඇත්තේ ද අභව්‍ය සංසිද්ධි සමූහයක් ගෙනහැර පාමින් මුළු ගීතය ම චමත්කාරයෙන් පිරවීමටය.මෙි කථකාවගේ උද්දාමය,උමතු හඬ අසා සිටින රසිකයා ක්‍රමයෙන් ගීතයට ආසක්ත වෙයි.එහෙත් ලංකාවෙි කිසිදු පළාතක සකුරා මල් නොපිපෙයි.රාත්‍රියට හිරු නොපාය යි.ගීතය රසවත් අයුරින් චිත්තරූපික පදවලින් නිමැවූව ද මෙි සියල්ල කල්පනා ලෝකයක මිස සැබෑ ලෝකයේ සිදු නොවන බව රසිකයෝ ද දනිති.එහෙත් ඔවුහු ගීතයේ ඇති අපූර්වත්වයට ලොබින් ඒ හා ඒකාත්මික වෙමින් මොහොතකට හෝ කල්පනා යානයට ගොඩවෙති.
මින් රැල වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වළස් කැල
ඉගිලෙති නගිමින් උඩුගුවනේ
මෙි කථකාව තවත් අභව්‍ය සිදුවීමක් ගැන ද උදම් අනන්නීය.එනම් මුහුදේ සිටින මසුන් වෙරළ දිගේ ඇවිද ගිය බවයි.එමතු ද නො උන් වැල්ලේ පා සටහන් තැබූ බව ද ඇය කියන්නීය.එහෙත් මෙි සියල්ල විකාරරූපී සිහින ම නොවෙිද?නාගයන්,පිඹුරන්,සිංහයන්,වළසුන් අහසේ නොඉගිල්ලෙන බව කුඩා දරුවෝ පවා දනිති.එහෙත් රචකයාගේ මෙි අපූරු පරිකල්පන ශක්තිය අප අගය කළ යුතු නොවෙිද?මෙි සියල්ල අභව්‍ය සංසිද්ධි වූව ද රචකයාගේ පද සංයෝජනය අතිවිශිෂ්ට බව කීම අතිශයෝක්තියක් නොවෙි.
යන එන සෙල්ලම් රිය පෙළ අතරේ
පාසල් යන විට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වයසක ගුරුවර සූටික්කෝ
මහපාරේ සෙල්ලම් යාන වාහන ධාවනය නොවෙි.දරුවෝ ද බෝනික්කෝ ය.එහෙත් බෝනික්කෝ පාසල් නොයති. මෙබඳු අභව්‍ය සිදුවීම් ඔස්සේ තරුණිය කීමට උත්සාහ කරන්නේ සමාජයේ ඇති විපරිත භාවය පිළිබඳ නොවෙිද? එමතු ද නොව මෙහිදී වයසට ගිය සූටික්කන් කුහුඹුන් වැනි දරුවන්ට අකුරු උගන්වන බව ද ඇය කියන්නීය.එහෙත් සූටික්කෝ යනු පැණි කුරුල්ලෝය.කුරුලන් කුහුඹුන් වැනි පුංචි සිසුන්ට අකුරු ඉගැන්වීම ද විකාරරූපී සිහිනයක් මිස අන් කුමක්ද?එහෙත් අද්‍යතන සමාජයේ මෙබඳු විපරිතයන් සිදු නොවෙිද?
සුදම් සභාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩා වැටේ
වියපත් සඳ වත ගේ දොර නැති වී
හැරමිටි සරණින් බලා සිටී
ගීතයේ අවසන් අන්තරා කොටස ද අපූර්ව රසය මුසු පද සංඝට්ඨනාවකි.සංකල්ප රූප මංජරියකි.සුදම් සභාව යනු කිම? දේව සභාව යි.එහිදී දෙව් දේවතවෝ එකට රැස්වී තීන්දු තීරණ ගනිති.එහෙත් ඒ සියල්ල සාමයෙන්,සමාදානයෙන් කරන දේවල් බව ද කියති.තතු එසේ වූව ද මෙි තරුණියට අනුව සුදම් සභාවත් කැලඹිලාය.එහි අරගලයක් ක්‍රියාත්මක වී තිබෙි.එපමණක් නොව මෙි කලබලයට අහසින් කොටසක් කඩා වැටී ඇති බව ද ඇය කියන්නීය.මෙයින් හැඟවෙන්නේ මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතර ද ප්‍රශ්න ඇති බවය.ලොව වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණි.එහෙත් මිනිසුන්,තිරිසනුන් මෙන් ඉරහඳ තරු වෙනස් නොවෙි.වියපත් නොවෙි.තතු එසේ වූව ද මෙි ගීතයේ කථකාවට අනුව අහසින් කොටසක් කඩා වැටීමෙන් පසු සඳමඬලත් අසරණ වී අනාත වී වියපත් වී ඇත.උන්හිටිතැන් අහමි වී ගිය සඳවතත් වියපත්ව හැරමිටියකින් පොළොවට පැමිණ තිබෙි.මෙය කෙතරම් අභව්‍ය සංසිද්ධියක් වූව ද ඒ සඳහා රචකයා යොදාගෙන ඇති බස,සංකල්ප රූප, ව්‍යංග්‍යාර්ථ පදපෙළෙ රමණීය නොවෙිද?මෙි ගීතය එකල විප්ලවාදී තරුණයන්ට කිසියම් උත්තේජනයක් සැපයූ රැඩිකල් ගීතයක් බව ද ඇතමෙක් කියති.මෙහි කිසියම් විප්ලවීය පද පෙළක් ඇති බව සැබවි.එහෙත් මෙි වූකලි නවමු සංකල්ප මුසු ව්‍යංග්‍යාර්ථ දනවන විචිත්‍රෝපශෝහිත ගීමිණකි.මෙහි අර්ථසාරය අර්ථහාරී වුවද රසික හද චමත්කාරයෙන් මුසපත් කරයි.සුනිලුන්ගේ තාරුණ්‍ය අදටත් වියපත් නොවී තිබෙන්නේ මෙබඳු රසාලිප්ත ගීත ගොන්නකින් රසික මනස තිරිහන් කොට ඇති නිසා නොවෙිද?
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සකුරා මල් පිපිලා
Athula Wednesday, 22 May 2024 05:07 AM
මෙම ගීතයේ අරමුණ කුමක්ද?