IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වසන්තයේ මල් පොකුරු නෙළා

ගීවිනිස 158

 

සුකීර්තිමත් කිවිසුරු ගේයපද රචක මහගම සේකරයන්ගේ පද සංකල්පනාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.

සාහිත්‍ය කලාවෙි ධ්වනිතාර්ථ මෙන්ම ව්‍යංග්‍යාර්ථය කියා දෙයක් ඇත.එනම් දිසි අරුත පරයා නැඟී සිටින අදිසි අරුත යි.වාච්‍යාර්ථ ඉක්මවා ව්‍යංග්‍යාර්ථය මතුවීම හේතුවෙන් මෙි ගීතය ද ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්තියකි.
මහගම සේකරයන්ගේ බොහෝ ගීත චිත්තරූපික ගුණයෙන් පොහොණිය.සේකරයෝ විවිධ තේමා ඔස්සේ ගීත ලියූවෝ ය.එහෙත් ඒ හැම ගීතයකටම කතා කරන වචන පෙළක් සමඟ ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්ති යෙදීමට සේකරයෝ අමතක නො කළහ.
මෙි සමාජයේ අප කිසිවකුටවත් අප පතන පුරුෂයන් හෝ ලියන් හෝ ⁣නොලැබෙි.මෙනයින් බලන කල අපි සියල්ලෝම පරාජිතයෝ වීමු.මෙි ගීතයෙන් සුවිශද වන්නේ ද එවැනි අපේක්ෂා භංගයකින් පෙළෙන පෙම්වතකුගේ ශෝකාලාපයකි.

වසන්තයේ මල් පොකුරු නෙළා 
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා 
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

සොබාදහමට මෙන්ම මිනිස් ජීවිතයට ද වසන්තයක් ඇත.මෙි වූකලී භද්‍රයෞවන සමය යි.එකල්හි නුරාවෙන් ගතසිත වෙළී යයි.ආදර හැඟුම් ජනිත වෙයි.එහෙත් සොබාදහමට ද වසන්ත සමය උදාවෙයි.වසන්ත සමය එළැඹුණු කල්හි මුළු පරිසරයම හරිත වර්ණයෙන් වර්ණිත වෙයි.රුක්ලිය දළු ලයි.මිහිලොල් කැළ දසත ගුම් දෙයි.ගංගා,ඇළදොළ නිල් දියෙන් පිරී යයි.සතා සීපාවෝ පවා වෙනදාට නැති ප්‍රබෝධයකින් හැසිරෙයි.මෙලොව වෙසෙන කිසිවකුට වසන්තයේ පැමිණීම වැළැක්වීමට නොහැකිය.මෙි කථකයා ද තම පෙම්වතිය වසන්තයේ පිපෙන මල් පොකුරක්  තම දෝතට ගෙනෙන තුරු බලා සිටියි.තතු එසේ වූව ද සොඳුරු වසන්තය මෙන් යෞවනය ද සදාකාලික නොවෙි.එය රාත්‍රී අහසින් කඩා වැටෙන උල්කාපාතයක් සේ අධික දීප්තියකින් පොළොවට කඩා වැටී අසුරු සැණින් නිවී යයි.එහෙත් මුළු යෞවනය පුරාම අපි ප්‍රේම පැතුමෙන් වෙළී ගත කරමු.

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා
ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළෙඟ් විසිරෙනු මා දුටුවා
සුළෙඟ් විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා

සොඳුරු වසන්තය ගෙවී ගිය කල උදාවන්නේ ගිම්හාන සමය යි.එහෙත් ගිම්හානයේ අවසන් ප්‍රතිඵලය කිම?මෙි වනාහි මුළු තුරුණු වියත් මැදිවියත් භග්නාශාවෙන්,ශෝකසන්තාපයෙන් ගෙවා දමා මහලුවියට පා තැබීමයි.අහෝ! එකල්හි කුමන ආස්වාද ද?අපගේ ඉඳුරන් ක්ෂය වූ කල පනනළ ගැට ගසා ගැනීමට විනා අසවල් දෙයක් වෙනුවෙන් වැලපෙන්න ද?මෙනයින් බලන කල ජීවිතයේ ගිම්හාන කාලයේ අප වෙත සම්භෝග ශෘංගාර හැඟීම් කැටුව කිසිවකු හෝ පැමිණිය ද ඉන් කිසිදු පලක් නැත.ඇය හෝ ඔහු අත තිබෙන මල් ද සුළඟේ විසිරෙයි.සුළඟේ විසිරෙන ඒ මල් අතරේ ඔබගේ වත මා දුටුවා යනු අර්ථපූර්ණ ඖචිත්‍ය යෙදුමක් නො වෙි ද? මෙයින් ගම්‍ය වන්නේ එදා සමීපව දුටු ආදර පැතුමෙි ඡායාව මෙදා ඈතින් දිස්වීමයි.සියලු පැතුම් සුන්වී වසන්තය ද ගෙවී ගිය කල අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය මෙි කථකයා සම්‍යඥානයෙන් අවබෝධ කර ගෙන ඇත.මෙනයින් බලන කල ප්‍රේමප්‍රාර්ථක කථකයා සොබාදහමත් මානව සමාජයත් අතර පවතින විපර්යාසය යහමින් වටහා ගැනීමට සමත්වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.



අදහස් (0)

වසන්තයේ මල් පොකුරු නෙළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site