IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රංගනයයි ගී පද රචනයයි එකට මුසු කළ පිය පුතු දෙපළ

මනෝජ් නීලංග දැන් වසර 17ක් පුරා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයෙකි. ගී පද රචකයෙකි.ගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නවමු ආකාරයේ නිර්මාණ කලාවක හෙතෙම නිරත වේ . මේ වනවිට ගීත 10ට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇති මනෝජ් ඒ යටගියාව සිහිපත් කළේ මෙසේය.

‘මම ජීවත් වුණේ දෙමටගොඩ ප්‍රදේශයේයි. එවැනි සමාජ වටපිටාවක ජීවත් වෙද්දි අපට නිතරම දකින්න ලැබෙන්නේ කුණු කාණු, මීයෝ, පයිප්ප ළඟ වතුර පුරවන ගැහැනු උදවිය, තැන තැන රංචු ගැහිලා කතා කරන අය, උඩු කයට ඇඳුම් නැති පිරිමි, අමුතු කතා විලාසය වගේ දුක් විඳින කටු කන ජීවිතයි. මා අද පිටරටක ජීවත් වුණත් අර පරිසරය, ඒ මිනිස්සු නිතරම හිතේ මැවුණා. ජීවත් වෙන්න කරන අරගලය දැණුනා. ඒ අනුව ‘ලොවේ තැලෙන මිනිහා‘ කියන ගීතය මා අතින් මෙහේදි රචනා වුණා. ඒ මා රචනා කළ මුල්ම ගීතයයි. ඔයාකාරයට මා විඳි දේවල්,ලත් අත්දැකීම් පද රචනා බවට පත්වී මේ වනවිට ගීත 10කට ආසන්න සංඛ්‍යාවක් මා අතින් ලියැවී තිබෙනවා.

මනෝජ් අතින් ලියැවුණු ගීත අතුරින් සුවිශේෂී ගීත කිහිපයකුත් නැතුවාම නොවෙයි. ගීතයක් දැනෙන්න පද රචනය , තනුව සේම රූප රාමුත් අපට සමීප විය යුතුයි. ඔහු රචිත එක් ගීතයක රූප රචනාවේදී එක් විශේෂිත පුද්ගලයකු අපට හඳුන්වා දෙනවා.ඔහු කවුද? අප නැඟූ ප්‍රශ්නයට මනෝජ් දුන් පිළිතුරයි මේ.

‘මා රචනා කළ ගීත දෙකක මගේ පුතා දේශ් කෝංගල රංගනයෙන් දායක වුණා. ඔහු පෙනී සිටි දෙවැනි ගීතය වන ‘සිහිනයක මම සඳේ පියමැන්නා ‘ගීතය ගායනා කරන්නේ සාරංග දිසාසේකර විසිනුයි. මා පද රචනා කළ මෙම ගීතයට දේශ් ඔහුට හැකි උපරිම සාධාරණයක් ඉටු කළා කියා මට කිව හැකියි. මා වගේම පුතාත් ඔස්ට්‍රේලියාවේ සිටියත් හදවතින්ම අපි උපන් රටට ආදරෙයි. පුතා වුණත් කලාවට හරි ලැදි දරුවෙක්. ඔහු කාලයක් ක්‍රිකට් ගැහුවා. ක්වීන්ස්ලන්ඩ් ටීම් එකට තේරුණා. මේ වෙද්දි ඔහු උපාධිය සඳහා සූදානම් වෙනවා. ඔහු ඉදිරියේදී පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට යාමට අදහස් කරගෙන සිටිනවා. රංගනයට කැමැති ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබුණොත් ඔහු කැමැත්තෙන්ම එය ඉටු කරාවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා.‘

පිටරටක විසුවද කලාවට ලැදි මේ පිය පුතු දෙදෙනා ඉදිරියේදී විවිධ නිර්මාණ හරහා ඔබ අප හමුවෙනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

රංගනයයි ගී පද රචනයයි එකට මුසු කළ පිය පුතු දෙපළ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site