
ජනප්‍රිය සංගීතඥ මහේෂ් දෙනිපිටිය පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ චිත්‍රපටය සඳහා අලුතින්ම ගීත දෙකක් නිර්මාණය කළේය. ඉන් එක් ගිතයක් ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහය. දෙවැන්න ළමා ගීතයකි. සුවිනි මදාරා ගමගේ, ඕමිරු සංදිර ඇතුළු පිරිසක් එම ගීතය ගායනා කළහ. කුරත්න ආරියවංශ හා නිලාර් ඒ කාසීම් ගීත රචනා කළහ.
මම චිත්‍රපට 15 කට පමණ සංගීතයෙන් දායකවී තිබෙනවා. මම මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වන්නේ ‘ප්‍රභාකරන්’ එහි කිසිම ගීතයක් අඩංගු වුණේ නෑ. ඉන්පසුව මම සංගිතයෙන් දායක වුණේ හිරිපොද වැස්ස චිත්‍රපටයට. එහි මා සමග සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වුණේ භාතිය හා සන්තුෂ්.
ඉන් පසුව ආසයි මං පියාඹන්න චිත්‍රපටයට අමිල පෙරේරා ගයන හිරු මැකී යයි ගීතය තනු හා සංගීතය නිර්මාණය කළා. සුවඳ දැනුණු ජීවිතේ චිත්‍රපටියට ශිහාන් මිහිරංග, ගයාන් පෙරේරා මැවු සිනා ගීතයත්, සුපර් සික්ස් චිත්‍රපටයට ගීත කීපයකුත් නිර්මාණය කළා.
සමහර චිත්‍රපටවලට ගීත කීපයක් පමණක් නිර්මාණය කළා වගේම තවත් චිත්‍රපට කීපයකට ගීත මෙන්ම පසුබිම් සංගීතයත් නිර්මාණය කළා යැයි මහේෂ් පැවසීය.
රිදී සීනු චිත්‍රපටයටත් උදයකාන්ත කීවා ගීත දෙකක් නිර්මාණය කර දෙන ලෙස. මෙයින් ළමා ගීතය ගැයෙන්නේ චිත්‍රපටය අවසානයටයි. චිත්‍රපට ගීත නිර්මාණය කිරීමේ දී මම හැම විටම උත්සාහ ගන්නේ එය චිත්‍රපටය අවස්ථාවට හැකි තරම් උචිත වෙන විධියට නිර්මාණය කරන්නයි.
ඔබගේ සංගීත වැඩසටහන්වල දී ජනප්‍රිය ගීත සඳහා වාදනය කරද්දී අලුත් රිද්මයක් එකතු කරනවා නේද?
ඔව්. ඒත් චිත්‍රපටයකදී එවැනි දෙයක් කරන්නට බෑ. චිත්‍රපට ගීතයක දී හෝ පසුබිම් සංගීතය සැපයීමේ දී එය චිත්‍රපටය හා බද්ධවිය යුතුයි. චිත්‍රපට සංගීත නිර්මාණයේ දී මම හැම විටම උත්සාහ කරන්නේ තනුව වගේම සංගීත භාණ්ඩ යොදා ගැනීමේ එය චිත්‍රපටයට කෙතරම් දුරට බද්ධ වෙනවාද යන්නයි, මහේෂ් පැවසීය.
රොඩ්නි විදාන පතිරන
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහේෂ් ’රිදී සීනු’ සමග