IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ෆින්ට්‍රකේස් ෆිනෑන්ස් ප්‍රාග්ධනය රු.මි. 500 කින් ඉහළ නංවාගනී

භානුක අමරසිංහ 


ෆින්ට්‍රකේස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් මිලියන 500 කින් සිය ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට සාර්ථක ලෙස සමත් වූ බව පවසයි. මෙහිදී විශ්වාස සහතිකයක් (Trust Certificates) ලෙස ලබා ගත් ණයක් ලෙස මෙම මුදල ලබා ගත් බව එම සමාගම පවසයි. ඒ සඳහා වන ස්ථාවර වාර්ෂික පොලිය සියයට 12.50 කි. වසර පහකදී ආපසු ගෙවන ලෙස මෙම ණය මුදල ලබා ගෙන තිබේ. 
මෙම ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රෙගුලාසි යටතේ පවතින මූල්‍ය උපකරණයක් බවත්, ඒ සඳහා වන අනුමැතියද මහ බැංකුවෙන් හිමිව තිබෙන බවත් එම සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම රුපියල් මිලියන 500 ක මුදල අදියර II ප්‍රාග්ධනයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමක් හිමි කරගෙන ඇතැයිද සමාගම පවසයි. 
මෙම උපායමාර්ගික මුලපිරීම ෆින්ට්‍රකේස් ෆිනෑන්ස්හි ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීමටත්, අදාළ ප්‍රාග්ධන නියාමන අවශ්‍යතා සපුරමින් සිය වර්ධන සැලසුම් සඳහා සහයෝගයක් වනු ඇති බවත් සමාගම සඳහන් කරයි.

 



අදහස් (0)

ෆින්ට්‍රකේස් ෆිනෑන්ස් ප්‍රාග්ධනය රු.මි. 500 කින් ඉහළ නංවාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site