IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


ෆිච් රේටින්ග්ස් විදුලිබල මණ්ඩලයේ ශ්‍රේණිය ඉවත් කරයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙත ලබා දී තිබූ ණය ශ්‍රේණිගත කිරීම ඉවත් කරගන්නා බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. එම ආයතනය මගින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ස්ථාවර ඉදිරි දැක්මක් සහිත ජාතික දිගුකාලීන A ශ්‍රේණියක් ලබා දී තිබුණි. 
මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දී තිබූ ශ්‍රේණිය කිරීම ඉවත් කිරීමට හේතුව අදාළ සමාගම පසුගිය මාර්තු මාසයේදී විසුරුවා හැරීම බව එම ආයතනය පවසයි. ඒ අනුව තවදුරටත් සිය ආයතනය ලංකා විදුලිබල මණ්ඩලය වෙත ශ්‍රේණිගත කිරීම් හෝ විශ්ලේෂණාත්මක ආවරණයක් ලබා නොදෙන බවත් පවසා සිටියි. 
ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ මෙම විසුරුවා හැරීම යටතේ රජයේ හිමිකාරීත්වය සහිත ආයතන හයක් ස්ථාපිත කෙරුණු අතර, එම ආයතන මගින් විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති කළමනාකරණ යන මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් විදුලිබල මණ්ඩලයේ ශ්‍රේණිය ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site