IMG-LOGO

2026 අප්‍රේල් මස 29 වන බදාදා


ෆිච් රේටින්ග්ස් බැංකු 10 ක ශ්‍රේණිය ඉහළ නංවයි


විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට බැංකු 10 ක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම පසුගියදා ඉහළ දැමීමට කටයුතු කළේය. එසේම තවත් බැංකු කීපයක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම සහතික කිරීමටද ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කළේය.
 
ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය ෆිච් රේටින්ග්ස් ආයතනය මෑතකදී නැවත ක්‍රමාංකණය කිරීමෙන් අනතුරුව මෙරට බැංකු 10 ක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම මෙලෙස ඉහළ දමා ඇත.
 
ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුව එලෙස ශ්‍රේණිගත කිරීම ඉහළ දැමූ මෙරට බැංකු 10 වේ.
 
අමානා බැංකුව, යුනියන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ කාගිල්ස් බැංකුව ශ්‍රේණිගත කිරීම සහතික කළ බැංකු අතර වෙයි.



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් බැංකු 10 ක ශ්‍රේණිය ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site