භානුක අමරසිංහ
මෙරට විශාලතම ඩිජිටල් වේදිකාව වන හෙළකුරු මගින් Helago නමින් ride-hailing ප්‍රවාහන සේවාවක් හඳුන්වා දෙන බව පවසයි. ජූලි 01 සිට ආරම්භ කරන මෙම Helago සේවාව සඳහා සම්බන්ධ වීමට කැමැති රියැදුරන්ට හෙළකුරු Superapp හරහා ඊට ලියාපදිංචි විය හැකි බව හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරා පවසයි.
එසේම මගීන් සඳහා මෙම Helago සමගින් සම්බන්ධ වීමේ හැකියාව නුදුරේදීම දැනුම් දෙන බවත් ඔහු සඳහන් කරයි. “සිංහල යතුරුපුවරුවක් විදියට ආරම්භ කරපු හෙළකුරු ඩිජිටල් වේදිකාව සමගින් මේ වනවිට ලංකාවේ මිලියන 4.4 කට වැඩි පිරිසක් දෛනිකව සම්බන්ධ වෙනවා. ඔවුන් ඉලක්ක කරගෙන මෙම Helago සේවාව ආරම්භ කළා,” විශේෂයෙන්ම මෙරට ride-hailing ප්‍රවාහන සේවා සඳහා සැමට සාධාරණ විවෘත මිලක් ගෙන ඒම සඳහා මෙම Helago සේවාව හඳුන්වා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
හෙළකුරු වෙතින් Helago හඳුන්වා දෙයි