IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


හිෂාන් සිංහවංශ Cinnamon Hotels & Resorts ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

Cinnamon Hotels & Resorts සමාගම හිෂාන් සිංහවංශ මහතා එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර තිබේ. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට විශාලතම දායකත්වයක් සපයන සමාගමක් ලෙස සිනමන් සන්නාමයේ භූමිකාව ශක්තිමත් කිරීම සහ ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස රටේ කීර්තිය වැඩි දියුණු කිරීම සමාගමේ අරමුණයි.

ජෝන් කීල්ස් සමූහයේ (JKH) වසර 17ක පළපුරුදු වෘත්තිකයකු වන සිංහවංශ මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යථා තත්වයට පත් කිරීමත් සමග පූර්ව වසංගත මට්ටම් අභිබවා යමින් සහ රැකියා 500,000කට අධික සංඛ්‍යාවකට සහාය වෙමින් එම භූමිකාව භාර ගනු ලැබේ.

”‍ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පත්විය හැකි සම්පත් ඇත. එය සාක්ෂාත් කර ගැනීමට වර්ධනය, නවෝත්පාදනය සහ ස්ථාවරත්වය අවශ්‍ය වේ. ලොව පුරා සංචාරකයන්ට ආකර්ෂණීය සුඛෝපභෝගී, ජීවන රටාවක් සහ අව්‍යාජ අත්දැකීම් ලබා දීම සඳහා අවශ්‍ය එම සාධක සැලකිල්ලට ගැනීමේදී Cinnamon Hotels & Resorts ඉදිරියෙන්ම සිටියි. අපගේ මාලදිවයිනේ නිවාඩු නිකේතනයෙහි පවතින ජාත්‍යන්තර ප්‍රමිති, තිරසාරභාවය සහ අත්දැකීම් සහිත සංචාර තුළින් අපගේ දැක්ම මනාව පිළිබිඹු කරයි”‍ යනුවෙන් සිංහවංශ මහතා පැවසීය. 

සමාගම මගින් මෑතකදී කොළඹදී අලු‍තින් දියත් කරන ලද ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන ‘සිනමන් ලයිෆ්‘ ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන අතර දකුණු ආසියාවේ ඇති මෙවැනි විශාලතම සංවර්ධන ව්‍යාපෘතියද වේ. 

සිනමන් ලයිෆ් අමුත්තන් 5,000ක් දක්වා පහසුකම් සැලසීමට සමත් වනු ඇත. මෙමගින් රැකියා 20,000ක් නිර්මාණය කිරීමටත්, සිංගප්පූරුව, බැංකොක් සහ ඩුබායි සමඟ තරඟ කරන කලාපීය MICE පහසුකම් සහිත කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ නගරය ස්ථිරව ස්ථාපිත කිරීමටත් අපේක්ෂා කරයි.

යටිතල පහසුකම්වලට අමතරව, සිනමන් ආයතනය ජනතාව කෙරෙහි ද අවධානය යොමු කරයි. Cinnamon Hospitality Academy හරහා කුසලතා වර්ධනය කිරීම සඳහා ආයෝජනය කරන අතර, 2025 වන විට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කාන්තා සහභාගීත්වය අවම වශයෙන් සියයට 24 දක්වා වැඩි කිරීම අරමුණු කරයි. 

සිනමන් හෝටල් සහ නිවාඩු නිකේතන, ගෝලීය හෝටල් සන්ධානයේ (GHA) සාමාජිකත්වය දරන එකම ලාංකික සන්නාමය වන අතර එහි Loyalty  වැඩසටහන වන සිනමන් ඩිස්කවරි හරහා ලොව පුරා සාමාජිකයන් මිලියන 30 කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා හෝටල් සහ නිවාඩු නිකේතන 17ක් සමගින්, රටේ සංචාරක ප්‍රකෘතිය සහ අනාගත වර්ධනයට නායකත්වය දීමට අද්විතීය කාර්යභාරයක් ඉටු කිරීමට සිනමන් හෝටල් සහ නිවාඩු නිකේතන සාර්ථක ලෙස ස්ථානගත වී ඇත. 

 



අදහස් (0)

හිෂාන් සිංහවංශ Cinnamon Hotels & Resorts ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site