IMG-LOGO

2026 මාර්තු මස 01 වන ඉරිදා


හේලීස් සමූහය ණයකර නිකුතුවකින් රු.බි. 7ක් රැස් කරගැනීමට යයි

  • කල් පිරෙන කාලය සහ පොලී අනුපාත ඉදිරියේදී ප්‍රකාශ කරන බව පවසයි 

හේලීස් සමූහය කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 7ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. 
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙය සිදු කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිව තිබේ. 
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කෙරෙන අතර, ඊට හිමි වන අධිදායකත්වයත් සමගින් තවත් කොටස් මිලියන 20ක් නිකුත් කෙරෙන බවත් සමාගම පවසයි. මෙලෙස නිකුත් කෙරෙන එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 7 කි. 
කෙසේ වෙතත් මෙම නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් හේලීස් සමූහය වැඩිදුරටත් පවසයි. එසේම මෙම ණයකර නිකුතුව සම්බන්ධ පොලී අනුපාත සහ කල් පිරෙන දින පිළිබඳව ඉදිරියේදී දැනුම්දීමටද නියමිතව තිබේ. 

 



අදහස් (0)

හේලීස් සමූහය ණයකර නිකුතුවකින් රු.බි. 7ක් රැස් කරගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site