IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


හේලීස් සමාගමේ රැ.බි. 7 ක ණයකරය CSE හි ලැයිස්තුගත කිරීම අද

හේලීස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කළ රුපියල් බිලියන 7ක් වටිනා ණයකර නිකුතුව එහි ලැයිස්තුගත කිරීම අද (30) සිදු කරන බව එම සමාගම පවසයි.  
ඒ අනුව අදාළ ණයකර කල් පිරෙන කාලසීමාව සහ ඊට හිමිවන පොලී අනුපාත අනුව Type A, Type B සහ Type C  ක්‍ ලෙස කාණ්ඩ කෙරුණු ණයකර එකිනෙකට වෙනස් ISIN  (ජාත්‍යන්තර සුරැකුම්පත් අනන්‍යතා අංක) යටතේ ලැයිස්තුගත කෙරේ. 
හේලීස් සමූහය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස පසුගියදා මෙම නිකුතුව සිදුකළ අතර ඊට අධි දායකත්වයක් හිමිවිය. සමූහයෙහි ඉදිරි ආයෝජන සඳහා අවශ්‍ය අරමුදල් රැස් කරගැනීම මෙම නිකුතුවෙහි අරමුණ වී තිබේ. විශේෂයෙන්ම හේලීස් සමූහය ආරම්භ කිරීමට සූදානමින් සිටින සුපිරි වෙළෙද සැල් ජාලය එහි මුල් තැන පසුවන බව අදහස වී තිබේ.



අදහස් (0)

හේලීස් සමාගමේ රැ.බි. 7 ක ණයකරය CSE හි ලැයිස්තුගත කිරීම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site