IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


හේලීස් අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහනවලට ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000 ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයකු වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීඑල්), පසුගියදා හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීමේ කටයුතු සඳහා සහායවීමට ආරක්ෂක අමාත්‍යාංශය වෙත ආරක්ෂිත අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. 
හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් භාර දුන් අතර, එමගින් නැවත වරක් අවධාරණය වූයේ ජාතික ආපදා ප්‍රතිචාර මුලපිරීම් සඳහා සහායවීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ ඇති කැපවීමයි.
ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙහෙයුම්වල යෙදෙන සහන සේවකයන්ට සහ ගලවා ගැනීමේ, පිරිසුදු කිරීමේ සහ පුනරුත්ථාපන කටයුතුවල නියැලී සිටින ස්වෙච්ඡා සේවකයන්ට සහායවීම සහ ඔවුන්ගේ ආරක්ෂාව, සනීපාරක්ෂාව සහ ප්‍රවේශම සහතික කිරීම සඳහා මෙම අත්වැසුම් බෙදා හැරෙනු ඇත. 
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දැක්වූ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් නියෝජිතයන්, මෙම පරිත්‍යාගය මගින් සමාජ වගකීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම සහ ජාතික අවශ්‍යතා ඇති කාලවලදී ප්‍රජාව සමග සිටීමට ඇති වගකීම පිළිබිඹු වන බව අවධාරණය කළේය. ගෝලීය වෙළෙඳපොළට සැපයීම් කරන ආරක්ෂිත අත්වැසුම් නිෂ්පාදකයකු ලෙස, ආපදා ප්‍රතිසාධනයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන පෙරටුගාමී සේවකයන් සහ ස්වෙච්ඡා සේවකයන් ආරක්ෂා කිරීමේ වැදගත්කමද ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් නියෝජිතයන් අවධාරණය කළේය.



අදහස් (0)

හේලීස් අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහනවලට ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site