IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


හම්බන්තොට වරායේ බහාලු‍ම් හැසිරවීමේ සියයට 559.2ක වර්ධනයක්

හැසිර වූ භාණ්ඩ ප්‍රමාණයේ බර මෙට්‍රික් ටොන් 6,991,000 ක් 


භානුක අමරසිංහ 


2025 වසරේ මුල් මාස 10ක කාලය තුළ දී හම්බන්තොට වරාය විසින් හසුරුවන ලද බහාලු‍ම් (TEUs) සංඛ්‍යාව 3,40,000 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වරාය මගින් හැසිරවූ බහාලු‍ම් 52,000 හා සැසඳීමේදී සියයට 559.2ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 2024 සමස්ත බහාලු‍ම් හැසිරවීම බහාලු‍ම් 54,000 කි. 
විශේෂයෙන්ම අදාළ කාලසීමාවේදී වරාය වෙත පැමිණි වාර්තාගත නෞකා 719ත් සමගින්ම මෙම වර්ධනය සිදුව තිබේ. මෙහිදී එම නෞකා පැමිණීම් 2024 වසරේ අදාළ කාලසීමාවේදී වරාය වෙත පැමිණි නෞකා 385 හා සැසඳීමේදී සියයට 86.8 ක ඉහළ යෑමකි. 
මහ බැංකුව මගින් පසුගියදා නිකුත් කළ ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් විවරණය 2025 වාර්තාව තුළ මේ බව සටහන්ව තිබේ. 

එම දත්ත අනුව 2023 සහ 2024 යන වසර දෙකේදී හම්බන්තොට වරාය වෙත පැමිණි සමස්ත නෞකා සංඛ්‍යාව පිළීවෙළින් 447ක් සහ 472 කි.  
මේ අතර 2025 මුල් මාස 10 දී හම්බන්තොට වරාය මගින් හසුරුවා ඇති භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,991,000 කි. එය 2024 වසරේ හැසිරවූ මෙට්‍රික් ටොන් 2,683,000 ක භාණ්ඩ ප්‍රමාණය හා සැසඳීමේදී සියයට 160.6ක වර්ධනයකි. 2024 සමස්ත භාණ්ඩ හැසිරවීම මෙට්‍රික් ටොන් 3,032,000 ක් විය.   
වි‍ශේෂයෙන්ම මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ එම කාලසීමාවේදී හම්බන්තොට වරාය තුළ සිදු වුණු මෝටර් රථ හැසිරවීම් මෙම කැපී පෙනෙන වර්ධනය සඳහා හේතුව වී තිබෙන බවද  මහ බැංකුව පවසයි.



අදහස් (0)

හම්බන්තොට වරායේ බහාලු‍ම් හැසිරවීමේ සියයට 559.2ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site