IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හතර දෙනකුගෙන් යුත් පවුලක මූලික අවශ්‍යතාවලට අවශ්‍ය මුදල රැපියල් 65,652ක්

  • වැඩිම මුදලක් වැය වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ. එම මුදල රැ.70,808 ක්

විමුක්ති එස් රුද්‍රිගු

පසුගිය සැප්තැම්බර් මාසයදී සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 65,652 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් එය පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂව ජීවන වියදමේ සුළු ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

එසේම සැප්තැම්බර් මාසයේදී මෙරට ජීවත්වන සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩිම මුදලක් වැය වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 70,808 ක මුදලක් පසුගිය සැප්තැම්බර් මාසයේදී වැය වී ඇති බවත් එහි දැක්වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට ජීවත්වන සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අඩුම මුදලක් වැය වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ වන අතර එම දිස්ත්‍රික්කයේ ජීවත් වන සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී රුපියල් 62,776 ක මුදලක් අවශ්‍ය වී තිබිණි. මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙරට ජීවත් වන සිවු දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 65,588 ක මුදලක් වැයවී තිබුණේය.



අදහස් (0)

හතර දෙනකුගෙන් යුත් පවුලක මූලික අවශ්‍යතාවලට අවශ්‍ය මුදල රැපියල් 65,652ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site