IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


හිටපු විගණකාධිපති කාර්ගිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ


කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඒ මහතා පත් කරගෙන තිබේ. 

වසර 30 කට අධික කාලයක් රාජ්‍ය අංශයේ මූල්‍ය, විගණන, පාලන සහ ආයතන ප්‍රතිසංස්කරණ තුළ වසර 30 කට අධික කාලයක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ වෘත්තිකයකු ලෙස ඒ මහතා සැලකෙයි. වික්‍රමරත්න මහතා 2019 සිට 2025 අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විගණකාධිපති ජනරාල්වරයා ලෙසින්ද කටයුතු කළේය.



අදහස් (0)

හිටපු විගණකාධිපති කාර්ගිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site