IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


හැටන් නැෂනල් බැංකුවට LankaPay Technnovation සම්මාන ත්‍රිත්වයක්


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාරිභෝගික පහසුව සඳහා සිය කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින් ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය. එහිදී HNB විසින් පාරිභෝගික පහසුව සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව සඳහා කුසලතා සම්මානය, වසරේ වඩාත්ම නවෝත්පාදන බැංකුව සඳහා රිදී සම්මානය සහ හොඳම Lanka QR සක්‍රීය කරන්නා සඳහා රන් සම්මානය හිමි කර ගත්තේය. 

මෙම ජයග්‍රහණවලින් ඩිජිටල් බැංකුකරණය වැඩිදියුණු කිරීමට HNB හි කැපවීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ වර්ධනයට සහාය වීමේදී බැංකුව විසින් සිදු කරනු ලබන වැදගත් කාර්යභාරය ද මැනවින් පෙන්නුම් කරයි. තවද ගනුදෙනුකාර භවතුන්ට ගෙවීම් පහසු කිරීම, නව අදහස් හඳුන්වා දීම සහ Lanka QR හරහා බාධාවකින් තොරව ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සැලසීම සඳහා HNB පෙරමුණ ගෙන කටයුතු කිරීම ද මෙම ජයග්‍රහණවලින් පෙන්නුම් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා මෙසේ පැවසුවේය. “HNB හි අපි සැමවිටම අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා හොඳම විසඳුම් ලබා දීමට උත්සාහ කරනවා. මෙම සම්මාන මගින් අපගේ කණ්ඩායම උසස් තත්වයේ සහ භාවිතයට පහසු සේවා සැපයීම සඳහා කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කරනවාද යන්න පෙන්නුම් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයකු ලෙස අප ඇගයීමට ලක්වීම ගැන අපි ආඩම්බර වන අතර පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට අප අඛණ්ඩව කැප වෙනවා.” 

තම ගනුදෙනුකාර භවතුන්ගේ කටයුතු පහසු කරන නව අදහස් හරහා HNB සිය ඩිජිටල් බැංකුකරණය වැඩිදියුණු කරමින් සිටී. “non-Face-to-Face” (NF2F) විශේෂාංගය ඊට කදිම නිදසුනකි. එය ගනුදෙනුකාර භවතුන්ට මාර්ගගත (online) බැංකුකරණය සහ බැංකු ශාඛාවකට යාම අතර පරතරය අවම කිරීමට උපකාරී කරයි. මීට අමතරව HNB SOLO, වඩාත් ජනප්‍රිය වෙමින් පවතින ඩිජිටල් මුදල් පසුම්බියක් වන අතර එය ගනුදෙනුකාර භවතුන්ට LankaQR භාවිත කිරීමට, බිල්පත් ගෙවීමට, SOLO Max හරහා අනෙකුත් SOLO පරිශීලකයන්ට මුදල් යැවීමට සහ ඔවුන්ගේ Justpay සම්බන්ධිත ගිණුම් සියල්ල එකම වේදිකාවක් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි.

2017 දී ආරම්භ කරන ලද LankaPay Technnovation සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ තාක්ෂණික නවෝත්පාදනවල පුරෝගාමීන් ඇගයීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙලයි. ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රට තුළ ඩිජිටල් ගෙවිම් ක්‍රම ප්‍රචලිත කිරීම උදෙසා නොසැලෙන දායකත්වයක් ලබා දෙන සහ ඒ හරහා පාරිභෝගික පහසුව ඉහළ නැංවීමට මූලිකත්වය ගත් බැංකු, මූල්‍ය ආයතන සහ FinTech ආයතන ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණයි. HNB ලැබූ මෙම ජයග්‍රහණ මගින් ඩිජිටල් බැංකුකරණයේ පෙරමුණ ගැනීමට සහ මෙරට ඩිජිටල් ගෙවීම් පද්ධති වැඩිදියුණු කිරීමට බැංකුවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

 



අදහස් (0)

හැටන් නැෂනල් බැංකුවට LankaPay Technnovation සම්මාන ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site