IMG-LOGO

2026 ජුනි මස 26 වන සිකුරාදා


හංගේරියාව ලංකාවට දුන් යුරෝ මිලියන 30 ක ණය ප්‍රතිව්‍යූුහගත කෙරේ


විමුක්ති එස් රුද්‍රිගු


හංගේරියාව මෙරටට ලබාදී තිබූ යුරෝ මිලියන 30 ක ණය මුදලක් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ හංගේරියාව පසුගියදා ද්වී පාර්ශ්වික ණය ගිවිසුමකට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

හංගේරියානු අපනයන ණය රක්ෂණ පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය ණය ද්වී පාර්ශ්වික ගිවිසුමට එළැඹුණු බවත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද, හංගේරියානු අපනයන ණය රක්ෂණ පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂිකාවක වන ගියෝගී රෙහොරෙග් සහ අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානියකු වන ආචාර්ය ඒඩ්‍රියන් හේගී යන මහත්ම මහත්මින්ද, ගිවිසුමට අත්සන් තැබූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ද්වී පාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණයවලට සහනයක් ලබාදීමට හංගේරියාව එකඟ වූ බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



අදහස් (0)

හංගේරියාව ලංකාවට දුන් යුරෝ මිලියන 30 ක ණය ප්‍රතිව්‍යූුහගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site