IMG-LOGO

2026 නොවැම්බර් මස 17 වන අඟහරුවාදා


හික්කඩුව කැස්බෑ වෙරළ නැරඹීමට එන සංචාරකයන්ට රුපියල් මිලියන 17.5 ක සනීපාරක්ෂක පහසුකම් මධ්‍යස්ථානයක්

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


දෙස්විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන හික්කඩුව කැස්බෑ වෙරළේ, සනීපාරක්ෂක පහසුකම් මධ්‍යස්ථානක් ස්ථාපිත කිරීමට රුහුණු සංචාරක කාර්යාංශය පියවර ගෙන තිබේ. 

සුවදායී හිරු එළිය විඳිමින් කැස්බෑවුන් බැලීමට දිනපතා දහස් ගණනක් සංචාරකයන් හික්කඩුව කැස්බෑ වෙරළට පැමිණෙන බවත්, එහෙත් මුහුදෙන් ගොඩ ආ සංචාරකයන්ට පිරිසුදු වතුර ටිකකින් ඇඟ සෝදාගන්න, ඇඳුම් මාරුකර ගැනීමට හා සංචාරකයා රැගෙන එන ගමන් මලු‍ ඇතුළු බඩු ආරක්ෂිතව තබා ගැනීමට ස්ථානයක් නොතිබූ නිසාම මෙවැනි නවමු කාර්‍යයක් ඉටුකිරීමට පියවර ගත් බව රුහුණු සංචාරක කාර්‍යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා කීවේය.

මේ සනීපාරක්ෂක පහසුකම් මධ්‍යස්ථානය හික්කඩුව කැස්බෑ වරළේ ස්ථාපිත කිරීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 17.5 ක් බවත් මේ වනවිට එහි ඉදිකිරීම් පටන් ගෙන වැය කර ඇති මුදල රුපියල් මිලියන 13.5ක් බවත් ගොඩකන්ද මහතා කීය.

මේ නවමු වැඩපිළිවෙළේ තේමාව ලංකාවේ සංචාරක සේවා ප්‍රමිතිය, වෙරළෙන් වෙරළට නංවාලමු යන්න බවද ගොඩකන්ද මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (0)

හික්කඩුව කැස්බෑ වෙරළ නැරඹීමට එන සංචාරකයන්ට රුපියල් මිලියන 17.5 ක සනීපාරක්ෂක පහසුකම් මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site