භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සුරැකුම්පත් එහි ගනුදෙනු සිදු කිරීම අත්හිටුවීම 2026 වසරේ අගෝස්තු 31 වැනිදා දක්වා කල් දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම පවසයි.
එම කොමිෂන් සභාව මීට පෙර ගෙන තිබූ තීරණයකට අනුව 2025 දෙසැම්බර් 31 වැනිදා සිට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණි. 2022 මාර්තු 31, 2023 මාර්තු 31 සහ 2024 මාර්තු 31 යන දිනවලින් අවසන් වූ මූල්‍ය වර්ෂ සඳහා එම සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ ස්වාධීන විගණන වාර්තා අනුව 2023 නොවැම්බර් 28, 2024 අප්‍රේල් 25 සහ 2024 දෙසැම්බර් 16 යන දිනවල සිට එම සමාගමේ සුරැකුම්පත් කොළඹ කොටස් හුවමාරුවේ watch list ලැයිස්තුවටද ඇතුළත්ව තිබුණි. දිගු කාලයක් එම ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙන් මෙලෙස එම සුරැකුම්පත් ගනුදෙනු අත්හිටුවීම සිදු වෙයි.
සොෆ්ට්ලොජික් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2026 අගෝස්තු 31ට කල්යයි