IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


සොෆ්ට්ලොජික් කොටස් CSEහි ගනුදෙනු අත්හිටුවීම දෙසැ. 31 දක්වා කල් දැමේ

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් එම ලැයිස්තුගත කිරිමෙන් අත්හිටුවීමේ තීරණය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදුන් බව එම සමාගම පවසයි. 
මීට පෙර ගෙන තිබූ තීරණයට අනුව දෙසැම්බර් 01 වැනිදා සිට මෙම කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවීමට නියමිතව තිබුණි. 2024 අප්‍රෙල් මාසයේ සිට එම කොටස් කොටස් හුවමාරුවේ watchlist ලැයිස්තුවට ඇතුළත් කෙරී තිබේ. 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ ස්වාධීන විගණන වාර්තාව මේ සඳහා හේතුව වී තිබේ.



අදහස් (0)

සොෆ්ට්ලොජික් කොටස් CSEහි ගනුදෙනු අත්හිටුවීම දෙසැ. 31 දක්වා කල් දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site