IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සුළු - මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ණය සහනයක්


 
ඩයනා උදයංගනී
 
ලබාගෙන ඇති ණය මුදල් ගෙවාගත නොහැකි වීමෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ඔවුන්ට ණය පහසුකම් සකසාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
 
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
 
මීට පෙර ලබාගෙන ඇති ණය මුදල් ගෙවාගත නොහැකිවීම නිසා තම ව්‍යාපාරවල දෛනික අරමුදල් අවශ්‍යතා පසුරා ගැනීමට බැංකු මගින් අරමුදල් සලසා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත. 



අදහස් (0)

සුළු - මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට ණය සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site