මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට මාලබේ වෙළෙඳ නගරයට පිවිසුණු අවස්ථාවේ අප ගොඩවැදුනේ දේශීය පාවහන් වෙළෙඳසලක්වන DSP Shoes වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී එහි ව්‍යාපාරික කුමාරි පීරිස් මහත්මිය මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
අපි වසර විසිදෙකක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය කරගෙන යනවා. පවුලේ ව්‍යාපාරයක් විදිහට බිස්නස් එක කරගෙන යන්නේ. අපේම නිෂ්පාදන ආයතනයක නිමවන පාවහන් තමයි අපේ වෙළෙඳසලේ තියෙන්නේ. ඊට අමතරව විවිධ පාවහන් ප්‍රදර්ශන, කාර්යාලවලට සැපයීම, මාර්ගත ව්‍යාපාර මගින් පාරිභෝගිකයාට අපේ නිෂ්පාදන මිලදී ගන්න අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ දිනවල සීසන් එකක් නැති නිසා බිස්නස්වල යම් අඩුවීමක් තියෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තොත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ.
Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
කොහොමත් අගෝස්තු, සැප්තැම්බර් කියන්නේ අපේ බිස්නස්වලට බිස්නස් අඩු කාල සීමාවක්. මේ තත්වය සෑම වසරකම මේ බිස්නස් එකේ පවතින සාමාන්‍ය තත්වයක්. එහෙත් මේ වතාවේ සැලකිය යුතු මට්ටමකට බිස්නස් එකක් තිබුණේ නැහැ. පාරිභෝගිකයෝ අතරින් පතර ඇවිත් තමයි යම් මිලදී ගැනීමකට යොමු වෙන්නේ. පාරිභෝගිකයාගේ අතේ සල්ලි තියෙනවා නම් ඇවිත් බඩු ගන්නවා. පාරිභෝගිකයාගේ අතේ මුදල් නොමැතිවීම තමයි බිස්නස් අඩුවෙන්න මූලිකම හේතුව.
පාරිභෝගිකයන් දිනපතා පරිහරණය කරන බඩුවල මිල ඉහළ ගියාට මිනිසුන්ගේ අතට ලැබෙන මුදල්වල වැඩිවීමක් වුණේ නැහැ. මාසයක ආදායම රුපියල් පනස්දහසයි නම් ඊට සරිලන විදිහට තමයි වියදම සැලසුම් කරන්නේ. බඩුවල මිල ඉහළ යාමත් එක්ක අතේ ඇති මුදලට භාණ්ඩ මිලදී ගන්න සැලසුම් කරගන්න සිදු වුණා. පාරිභෝගිකයා අතේ මුදල් රඳා පැවතීමත් එක්ක තමයි බිස්නස්වල රඳා පැවැත්ම තීරණය වන්නේ. මේ දවස්වල භාණ්ඩවල මිලත් එක්ක පාරිභෝගිකයෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න විතරයි යොමු වෙලා ඉන්නේ. මිනිස්සු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන මුදල් ඉතිරි වුණොත් තමයි අමතර භාණ්ඩ මිලදී ගන්න යොමු වෙන්නේ.
ඒ වගේම අද පාවහන් අලෙවිකරණ බොහෝ පිරිසක් ඉන්නවා. අද වෙද්දී පාරිභෝගිකයෝ මිල අඩුනම් ඒ තැනින් භාණ්ඩයක් මිලදී ගන්න පුරුදුවෙලා ඉන්නේ. ඔවුන් පාවහන්වල කල්පැවැත්ම ගැන නොහිතා මිල පමණක් සලකා බලා භාණ්ඩයක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. මේ කියන කාරණා නිසා තමයි අද වෙද්දී බිස්නස් යම් මට්ටමකට අඩුවෙලා තියෙන්නේ. ඉදියේදී මේ තත්වයේ යම් වෙනසක් වෙයි කියලා හිතනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප:
ගයාන් අමරසේකර
සීසන් එකක් නැති නිසා බිස්නස් අඩුයි