කාගිල්ස් (සිලෝන්) පී.එල්.සී සමාගම විසින් ගොවි පවුල්වල සිසුන් සඳහා සරුබිම අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් 2025 අගෝස්තු 29 දින සංවිධානය කර තිබුණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර, අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා, මාධ්‍යවේදීන්, ජාත්‍යන්තර සංවර්ධන සංවිධානවල ගෞරවනීය ආරාධිතයන් සහ කාගිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කළමනාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කාගිල්ස් සරුබිම වැඩසටහන මේ වසරේ වෙන්කර තිබූ මුදල රුපියල් මිලියන 115 කට අධික වේ. ඒ අතරින් රුපියල් මිලියන 50 කට වැඩි මුදලක් ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා වෙන්කර තිබූ අතර 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණු සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ඇතුළුව සිසුන් 1,300 කට අධික සංඛ්‍යාවකට ඒ හරහා ප්‍රතිලාභ සැලසේ. තවත් රුපියල් මිලියන 60 කට අධික මුදලක් ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්කර ඇති අතර පුස්තකාල සංවර්ධන කටයුතු, සුහුරු පන්ති කාමර, පිරිසිදු පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ පෙර පාසල් යටිතල පහසුකම් ආදිය ඊට අයත් වේ.
හුදෙක් ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් එහා ගොස් කාගිල්ස් සරුබිම වැඩසටහන අපේක්ෂා කරන්නේ, ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කරමින් සිසුන්ගේ දැනුම ඉහළ නැංවීම සහ ඔවුන් ශ්‍රී ලංකාවේ අනාගත නායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමයි.
2008 වසරේ ආරම්භ කරන ලද කාගිල්ස් සරුබිම වැඩසටහන, සමාගමේ ආයතනික සමාජ වගකීම් කටයුතුවල ප්‍රධාන අංගයක් ලෙස ක්‍රියා කරයි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය ගොවි ප්‍රජාව සමග ඍජුව කටයුතු කිරීම පිළිබඳ කාගිල්ස් හි දර්ශනය මනාව පිළිබිඹු කරන්නක් වන අතර, ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් ඔවුන්ගේ වෙහෙස මහන්සිය සහ දේශය සඳහා වන දායකත්වය අගය කිරීමේ අරමුණින් ස්ථාපනය කරනු ලැබීය. වසර ගණනාවක් පුරා පවුල් දහස් ගණනකට මෙම වැඩසටහන හරහා ප්‍රතිලාභ හිමිවී ඇති අතර, එම ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් කාගිල්ස් සමාගම මේ වසරේ එහි අරමුදල් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නංවා තිබේ.
උත්සව අවස්ථාව ඇමතූ ලාල්කාන්ත අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා කාගිල්ස් සමූහයේ දායකත්වය විශේෂ පැසසුමකට ලක් කළේය. දේශීය ගොවීන් සඳහා ස්ථාවර වෙළෙඳපොළක් නිර්මාණය කර, ඔවුන් ඍජුවම පාරිභෝගිකයන් සමග සම්බන්ධ කිරීමේ කාගිල්ස් සමූහයේ කාර්යභාරය ඔහුගේ කතාව තුළ විශේෂයෙන් ඉස්මතු කර දක්වන ලදී. මෑතකදී කාගිල්ස් ආයතනය අතිරික්ත අස්වැන්නක් මිලදී ගෙන ගොවීන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට මැදිහත් වූ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි වගකීමක් දැරිය හැක්කේ රටේ ඉතා ස්වල්ප දෙනකුට පමණක් බවයි.
ශ්‍රී ලංකාවේ විශාලතම නැවුම් එළවළු, පලතුරු සහ කිරි ගැනුම්කරුවා වන කාගිල්ස්, දිවයින පුරා කුඩා පරිමාණ ගොවීන් 23,000 කට අධික සංඛ්‍යාවක් සමග කටයුතු කරමින් ඔවුන්ට තාක්ෂණය, කෘෂිකාර්මික සේවා, ණය පහසුකම්, උසස් තත්වයේ අමුද්‍රව්‍ය සහ සහතික කළ වෙළෙඳපොළට ප්‍රවේශයක් ලබාදීමට කටයුතු කරයි. වාර්ෂිකව කාගිල්ස් මෙම ගොවීන්ගෙන් රුපියල් බිලියන 18 කට අධික වටිනාකමකින් යුත් නැවුම් එළවළු, පලතුරු සහ කිරි මිලදී ගන්නා අතර, මෙම ගෙවීම් අතරමැදියන්ගෙන් තොරව, ඍජුවම ග්‍රාමීය ප්‍රජාව වෙත ගලා යමින් රටේ ආර්ථිකයේ පදනම ශක්තිමත් කරනු ලැබේ. මෙය ඵලදායිතාව සහ ජීවනෝපාය ඉහළ නංවමින් තිරසාර සහයෝගීතාවක් සහතික කරන ඒකාබද්ධ ප්‍රවේශයකි.
මෙම වැඩසටහන් මත පදනම්ව, කාගිල්ස් සිය ආයෝජන අඛණ්ඩව පුළුල් කරමින් සිටින අතර කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසල් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ආහාර සැකසුම් කර්මාන්තශාලා පිහිටුවීම ආදී කටයුතු හරහා ගොවි ප්‍රජාවට වැඩි වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු කරයි. වසර ගණනාවක් පුරාවට මෙම ආයෝජන සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර, ගොවීන්ට නිරන්තරයෙන් පුළුල් වන වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට කාගිල්ස් සමාගම සමත් වී තිබේ.
2019 වසරේදී, ගොවීන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමේ සහ දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තයක අවශ්‍යතාව හඳුනා ගනිමින් කාගිල්ස් විසින් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය දියත් කළේය. බිංදු ජල සම්පාදනය, පොලිතීන් ආවරණ සහ කෘමි ප්‍රතිරෝධී දැල් වැනි නවීන ක්‍රම හඳුන්වා දෙමින්, දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම ගොවීන්ට සමීප කිරීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුකෙරුණු අතර එමගින් අස්වැන්න ඉහළ නැංවීම, යෙදවුම් පිරිවැය අවම කිරීම, බහු අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම, උසස් තත්වයේ ගුණාත්මකභාවයක් සහ ආරක්ෂාවක් සහතික කිරීම සහ තිරසාර හා ඵලදායී කෘෂිකර්මාන්තයක් බිහිකිරීම සඳහා මග පාදන ලදී.
සිසු පරපුරේ නැණ පහන් දල්වන කාගිල්ස් සරුබිම අධ්‍යාපනික ශිෂ්‍යත්ව