IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


සිවිල් ගුවන් සේවා බීජිං සම්මුතිය බලාත්මක කිරීමට නව නීති

නිමල කොඩිතුවක්කු


ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස නීති පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මරණයක්, බරපතළ ශාරීරික තුවාල කිරීමක් හෝ බරපතළ හානියක් සිදු කිරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික භෝ න්‍යෂ්ටික අවියක් හෝ ද්‍රව්‍යයක් මුදා හැරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික හෝ න්‍යෂ්ටික අවියක් හෝ එවැනි සමාන ද්‍රව්‍යයක් ගුවන් යානාවක් තුළ හෝ සිවිල් ගුවන් යානාවකට එරෙහිව භාවිත කිරීම වැනි ක්‍රියා අපරාධ වශයෙන් නම් කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බිජිං සම්මුතිය, 2010) 2010-09- 10 දින බීජිංහි පැවති ගුවන් නීතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී සම්මත කර ගනු ලැබ ඇත.
එවැනි අපරාධ දැනට මෙරට බලාත්මක 1996 අංක 31 දරන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වල නිරුපද්‍රිත භාවයට එරෙහි නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමේ පනතේ විධි විධාන වලින් ආවරණය නොවන බැවින්, බීජිං සම්මුතිය බලාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-05-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

 



අදහස් (0)

සිවිල් ගුවන් සේවා බීජිං සම්මුතිය බලාත්මක කිරීමට නව නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site