IMG-LOGO

2025 ජුනි මස 15 වන ඉරිදා


ස්වීඩන්- ශ්‍රී ලංකා ව්‍යාපාර සම්බන්ධ කරන ජාලකරණ සැසියක් 16 වැනි දා

විමුක්ති එස් රුද්‍රිගු


ස්විස් ව්‍යාපාර සමග සම්බන්ධ වන්න: නව හවුල්කාරිත්ව ගවේෂණය කරන්න” යන තේමාව යටතේ ස්වීඩනයේ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සම්බන්ධ කරන සුවිශේෂී ජාලකරණ සැසියක් එළැඹෙන 16 වැනිදා ලංකා වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී පස්වරු 12 සිට 2 දක්වා පැවැත්වෙන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම සුවිශේෂී ජාලකරණ සැසියේදී ස්වීඩනයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර එක් තැනකට ගෙනඑනු ඇති බවත් හවුල්කාරිත්වයක් ගොඩනගා ගත හැකි අවස්ථා සහ ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී සොයා බලනු ඇති බවත් ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. ඉදිකිරීම් සහ විදුලි සංදේශ අංශ කෙරෙහි විශේෂ අවධානයක් එහිදී යොමු කරනු ඇති බවද ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
ස්විට්සර්ලන්ත ව්‍යවසාය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන යටිතල පහසුකම් සංවර්ධනය, ඉංජිනේරු සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ, දන්ත සේවා සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍රවල නියැලී සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා මෙය කදිම අවස්ථාවක් බවද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.



අදහස් (0)

ස්වීඩන්- ශ්‍රී ලංකා ව්‍යාපාර සම්බන්ධ කරන ජාලකරණ සැසියක් 16 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site