IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිල්ලර වෙළෙඳාම පුළුල් කිරීමට මහරාජා ෆුඩ්ස් SPAR සුපිරි වෙළෙඳ සල් හා එක්වෙයි


භානුක අමරසිංහ 


මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගම මෙරට ක්‍රියාත්මක සුපිරි වෙළෙඳ සල් ජාලයක් වනSPAR ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම සමගින් අවබෝධතා ගිවිසුමකට පිවිසි බව පවසයි. කොළඹ නගරය තුළ අලු‍තින් තම සිල්ලර අලෙවිසල් හතරක් ස්ථාපිත කිරීමට මෙම අවබෝධතාවට පිවිස තිබේ. 

පවුලේ ව්‍යාපරයක් ලෙස 1958 වසරේදී ලංකා ස්ටෝර්ස් නමින් යාපනයේදී ආරම්භ වුණු සමාගම පසුකාලීනව මහරාජා ෆුඩ්ස් ලෙස වෙනස් විය. වර්තමානයේදී එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමකි. 

විශේෂයෙන්ම මෙම හවුල්කාරීත්වය හරහා ජාත්‍යන්තර මට්ටමේ සිල්ලර අලෙවි ප්‍රමිති සහ මෙහෙයුම් ක්‍රියාරාමුවක් සහිත SPAR සමාගම හා එක්වෙමින් සිය නිෂ්පාදන බෙදාහැරීමේ හැකියාව වර්ධනය කරගැනීමට අවස්ථාව හිමි වන බව මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.  

එසේම මෙම මුලපිරීම සිය සිල්ලර වෙළෙඳාමේ පැවැත්ම තවදුරටත් පුළුල් කිරීම, පාරිභෝගික ප්‍රවේශය දියුණු කිරීම සහ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ සහ සිල්ලර ආහාර අංශය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ සමාගමේ දිගුකාලීන ක්‍රමෝපායේ කොටසක් බවත් සමාගම වැඩිදුරටත් පවසයි. 

 



අදහස් (0)

සිල්ලර වෙළෙඳාම පුළුල් කිරීමට මහරාජා ෆුඩ්ස් SPAR සුපිරි වෙළෙඳ සල් හා එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site