IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සිල්ලර වෙළෙඳාම ගැන Odel සභාපතිට උපදෙස් දීමට ජාත්‍යන්තර ප්‍රවීණයෙක්


භානුක අමරසිංහ 


ඔඩෙල් (Odel) සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙන්ම ඔඩෙල් සභාපති අශෝක් පතිරගේ මහතාට සිල්ලර අංශය සම්බන්ධයෙන් උපාය මාර්ගික උපදේශකවරයකු ලෙස සිල්ලර වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීණයෙකු වන ටෙරි ඔ‘කොනර් පත් කරගත් බව ඔඩෙල් සමාගම පවසයි. 

ඒ අනුව ජූලි 03 වැනිදා සිට බලාත්මක වන පරිදි ටෙරි ඔ‘කොනර් මහතා මෙම ධුරයට පත් කරගත් බවත්, ලබන ජූලි 15 වැනිදා සිට ඒ මහතා එම ධුරයේ කටයුතු කරනු ඇති බවත් සමාගම සඳහන් කරයි. 

ටෙරි ඔ‘කොනර් මහතා සතුව අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රධානතම සිල්ලර වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ඉතාමත් සාර්ථක වාර්තා පවතින බව ඔඩෙල් සමාගම පවසයි. 

බ්‍රිතාන්‍යයේ Colorvision PLC සමාගම සමගින් සිය වෘත්තීය දිවිය ආරම්භ කර ඇති ඒ මහතා එහි කටයුතු කළ සමයේදී අලෙවිසැල් 12 සිට 92ක් දක්වා වර්ධනයට සමත්ව තිබේ. 

එසේම ඒ මහතා බ්‍රිතාන්‍යයේ Courts PLC හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වසර 21 කාලයේදී එම ව්‍යාපාරික මෙහෙයුම් සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රිකල් සිල්ලර වෙළෙඳ පොළ දක්වා පුළුල් කිරීමට සමත් වී ඇත. අද වනවිට එම සමාගම සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දුනීසියාවේ අලෙවිසල් 70ක් දක්වා වර්ධනය වී තිබේ. මීට අමතරව ඔහු 2020 දී ඉන්දුනීසියාවේ මාතාහරි ඩිපාර්ට්මන්ට් ස්ටොර්ස්හිද ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද පත් කෙරුණු අතර 2023 දී ඔහු ඉන් ඉවත්විය. 



අදහස් (0)

සිල්ලර වෙළෙඳාම ගැන Odel සභාපතිට උපදෙස් දීමට ජාත්‍යන්තර ප්‍රවීණයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site