IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සෙලින්කෝ ලයිෆ් එක්ක සවාරි යන්න තරගයක්

සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරග වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත.
දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ටම පමණක් ලැබුණු සුවිශේෂී අවස්ථාවක් නිසාය. එහෙත් මෙවර ප්‍රථම වරට එම සුවිශේෂී සවාරියට එක් වන්නට ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට සෙලින්කෝ ලයිෆ් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවලට ප්‍රවේශ වී විනෝදයෙන් තරග කිරීමෙන් අවස්ථාවක් දිනා ගත හැක.
දෙදෙනකුට සම්පූර්ණ වියදම් සමග මැලේසියා සංචාරයක් දිනා ගැනීමට මෙයින් අවස්ථාව ලැබේ. මේ සඳහා ක්‍රීඩාවට අවතීර්ණ වී, ලකුණු එකතු කර ගනිමින්, ජයග්‍රාහී නාම පුවරුවේ ඉහළටම යාමට හැකි වේ. 2025 දෙසැම්බර් 31 වන දින වන විට ඉහළම ලකුණු ලබාගත් තැනැත්තා මැලේසියාවේ සවාරිය දිනා ගන්නා අතර ඉහළම ලකුණු ලබාගත් 100 දෙනාගෙන් තෝරා ගන්නා තවත් හතර දෙනකුට ශ්‍රී ලංකාවේ සුපිරි හෝටලයක සම්පූර්ණ පහසුකම් සහිතව එක් රාත්‍රියක් සුවසේ ගත කිරීමට අවස්ථාව හිමි වන බව සමාගම පවසයි. තවද, සෑම සතියකම සතියේ ජයග්‍රාහකයාට 2025 දෙසැම්බර් 31 දක්වා රුපියල් 10,000 ක් වටිනා සුපිරි වෙළෙඳසල් වවුචරයක් බැගින් ගත හැකිය.
මෙම ෆැමිලි සවාරි අත්දැකීම වෙනුවෙන් තරග කිරීමට කැමැති අයට සෙලින්කෝ ලයිෆ් හි ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පිටු වෙත පිවිස Run for Savari  ලින්ක් එක හරහා නොමිලේ  එම ක්‍රීඩාවට පිවිසිය හැකිය. රක්ෂණ ඔප්පු හිමියෙක් වුවත් නැතත් ෆැමිලි සවාරියට එක් වීමට ඔවුන්ට ලැබෙන අනගි අවස්ථාව මෙයයි.



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් එක්ක සවාරි යන්න තරගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site