IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


සිලෝන් බිස්කට් සමාගමෙන් දේවානන්ද විද්‍යාලයට අතහිත

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


සිලෝන් බිස්කට් ලිමිටඩ්හි  “ගමට සරණ” 183 වැනි ප්‍රජා සත්කාරය අම්බලන්ගොඩ ශී දේවානන්ද විද්‍යාලයේදී පැවැත්විණ.
එහිදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට මහත් අඩුපාඩුවක්ව පැවති  ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පැවරීම සහ එම විද්‍යාලයේ මව හෝ පියා අහිමි සිසු දරු, දැරියන් එකොළොස්දෙනකුට ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමද සිදු කෙරිණ.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු භාණ්ඩාගාරික චාමර ධර්මරත්න මහතා මේ වැඩසටහනේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේය.
මෙම වැඩසටහන අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ දී ක්‍රියාත්මක කෙරුණේ එම විද්‍යාලයේ විදුහල්පතිනි අයේෂා මල්කාන්ති මහත්මියගේ සහ මන්චි බිස්කට් ආයතනයේ නිලධාරීන්, අධයාපනය ලබන දරු දැරියන්ගේ මෙන්ම ගුරු, දෙගුරුන්ගේ සහභාගීත්වයෙනි.



අදහස් (0)

සිලෝන් බිස්කට් සමාගමෙන් දේවානන්ද විද්‍යාලයට අතහිත

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site