IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


සෙලාන් බැංකුවේ රු.බි. 15ක ණයකර නිකුතුව ජූලි 09 දා


භානුක අමරසිංහ


සෙලාන් බැංකුව රුපියල් බිලියන 15ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇති ණයකර නිකුතුව ලබන ජූලි 09 වැනිදා විවෘත කරන බව බැංකුව පවසයි. ඊට කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතියද දැනටමත් හිමිව තිබේ. ඒ අනුව සැලසුම් කළ ආකාරයට බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ශක්‍ය-නොවන පරිවර්තන හැකියාව සහිත ණයකර නිකුතුවක් ලෙස මෙය සිදු කරන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඊට හිමි වන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 75ක් නිකුත් කෙරෙන බව සඳහන් වෙයි. ඊටත් හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 25ක් නිකුත් කිරීම සැලසුම බව බැංකුව පවසයි. 

ඒ අනුව මෙම ණයකර නිකුතුව හරහා සිදු කරන සමස්ත ණයකර කොටස් ප්‍රමාණය මිලියන 150 කි. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 15ක් ලෙස සටහන්ව තිබේ. මෙම ණයකර නිකුතුව වසර 5ත් - 10ත් අතර කාලයේදී කල්පිරෙන ආකාරයට නිකුත් කිරීම සැලසුම වන අතර, Type A,B,C,D,E ලෙස වර්ග කෙරී තිබේ.

මේ අතර සෙලාන් බැංකුවෙහි මෙම රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුව සඳහා A-(lka) අවසන් ජාතික දිගුකාලීන ශේණිගත කිරීමක් ලබාදීමට ෆිච් රේටින්ග්ස් ආයතනයද පසුගිය ජූනි මාසයේදී පියවර ගත්තේය.



අදහස් (0)

සෙලාන් බැංකුවේ රු.බි. 15ක ණයකර නිකුතුව ජූලි 09 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site